රජයේ නිලධාරීන් මු.රෙ.200 පිළිබඳව දැන සිටිය යුත්තේ ඇයි?
සියළුම රජයේ නිලධාරීන් ගෙවීම් ක්‍රියාවලියේ කොටස්කරුවන්
වේ. ගෙවීම් ලේඛන පිළියෙල කිරීම, පරීක්ෂා කිරීම, සටහන් කිරීම, නිර්දේශ කිරීම, බලය
දීම, අනුමත කිරීම, සහතික කිරීම හා ගෙවීම යන පියවරයන් එකකට හෝ කිහිපයකට සෑම
නිලධාරියෙකුටම සම්බන්ධ වීමට සිදුවේ. එබැවින් මූල්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ එක් ප්‍රධාන
අංගයක් වන ගෙවීම් පිළිබඳ වගකීම හා අධිකාරී බලය ස්ථාපිත වී ඇති ආකාරය ගැන අවබෝධයක්
සියළුම රජයේ නිලධාරීන්ට තිබිය යුතුය.
රජයේ ගෙවීම් පිළිබඳ නිලධාරීන්ගේ වගකීම හා අධිකාර බලය ක්‍රියාත්මක
වන ආකාරය මු.රෙ. 200 මඟින් මනාව පැහැදිලි කොට ඇත. එමඟින් අවසාන වගකීම, වැය පිළිබඳ
අධිකාර බලය, කාර්යයන් පැවරීම හා නිලධාරීන්ගේ වගකීම යන සිව් වැදෑරුම් අංශ මෙසේ විග්‍රහ
කොට ඇත.
(1)
අවසාන වගකීම :
සියළුම රජයේ මුදල් වැය කිරීම සඳහා විධිමත් ක්‍රමයක් හා
ප්‍රමාණවත් අධිකාර බලයක් පවත්නා බව සහතික වීමේ අවසාන වගකීම, මෙම රෙගුලාසි වල (iii) වන පරිච්ඡේදයේ නියම කොට ඇති පරිදි රඳා ඇත්තේ ප්‍රධාන
ගණන්දීමේ නිලධාරීන් හා සෙසු ගණන් දීමේ නිලධාරීන් වෙතය.
(2) වැය පිළිබඳ අධිකාර බලය :
රජයේ දෙපාර්තමෙන්තු මඟින් සැලසෙන සේවාවන් සඳහා මුදල් වැය
කිරීමට එම දෙපාර්තමේන්තු වලට අවශ්‍ය සාමාන්‍ය අධිකාර බලය විසර්ජන පනතින් වාර්ෂික
ඇස්තමේන්තු වලින් හා මු.රෙ. 90 සඳහන් වොරන්ට් බලපත්‍ර වලින් සාමුහිකව සැපයෙන අතර
එම සියළුම වැය කිරීම එකී සාමාන්‍ය අධිකාර බලය පිළිබඳ නියමයන්ට අනුකූල විය යුතුය.
එම නියමයන්ට හා යම් යම් ගෙවීම් කෙරෙහි බලපාන වෙනත් විශේෂ නීතියකට හෝ රෙගුලාසියකට
යටත්ව රජයේ සියළුම වැය කිරීම ඒවා කවර ප්‍රභවයකින් ගෙවනු ලැබුවද මුදල් රෙගුලාසිවලට
අනුකූලව කළ යුතුය.
(3) කාර්යයන් පැවරීම :
මු.රෙ. 135 සහ ඊට පසුව එන රෙගුලාසි වලින් මේ සඳහා විධි
විධාන සලසා ඇත. පුද්ගල පඩි නඩි සම්බන්ධයෙන් බලය දීමේ, අනුමත කිරීමේ හා සහතික
කිරීමේ කාර්යයන් ඉටු කරන නිලධාරීන්ගේ විශේෂ වගකීම මු.රෙ. 201 හි පැහැදිලි කොට ඇත.
(4) නිලධාරීන්ගේ වගකීම් :
උසස් නිලධාරීන්ගේ වගකීම මු.රෙ. 135 ආදී කොට ඇති
රෙගුලාසිවල පැහැදිලි කොට ඇත. ගෙවීම් ලේඛන සූදානම් කරන හෝ ඒවායේ හරි වැරදි බලන හෝ
ගෙවීම් පිළිබඳ සටහන් තබා ගන්නා හෝ යටත් නිලධාරීන් තම ක්‍රියාවන් ගැනත් තමාගේ
නොසැලකිල්ල නිසා හෝ වේවා වරදක් නිසා හෝ වේවා වංචනික ක්‍රියාවක් නිසා හෝ වේවා
සිදුවන පාඩු පියවීම ගැනත් පෞද්ගලිකව වගකිව යුතුය.
·
2008 ජනවාරි 01 දින සිට බලාත්මක දකුණු පළාත් මුදල් රීති සංග්‍රහයේ 130 වන
රීතිය මඟින් මෙම ගෙවීම් පිළිබඳ වගකීම හා අධිකාර බලය දකුණු පළාත් සභාවට අදාලව ක්‍රියාත්මක
වන ආකාරය විග්‍රහ කොට ඇත.
·
මුදල් රෙගුලාසි 200 සඳහන් නියමයන් පිළිබඳව නියමාවබෝධයක් නොමැතිව ගෙවීම් ක්‍රියාවලියට
සම්බන්ධ වීමෙන් රජයේ නිලධාරීන්ට අනිසි ප්‍රතිඵලවලට සහ අවදානම් සහගත තත්ත්වයන්ට
මුහුණ දීමට සිදුවිය හැකිය.
·
මේ අනුව සියළුම රජයේ නිලධාරීන් මු.රෙ. 200 සඳහන් රජයේ ගෙවීම් පිළිබඳ වගකීම
හා අධිකාර බලය සම්බන්ධවත්, ඊට ආනුශාංගික මුදල් රෙගුලාසි සම්බන්ධවත් මනා අවබෝධයකින්
යුතුව ගෙවීම් ක්‍රියාවලියට දායකවීමෙන් විධිමත් මූල්‍ය කළමනාකරණයක් පවත්වා ගැනීමට
ඉවහල් වේ.
ජී. වික්‍රමසිංහ
No comments:
Post a Comment