2016.04.27



2016.04.27 දින ගිණුම් අං‍ශයේ දී පැවැති කව ව්‍යාපෘති සිදුකිරීම සම්බන්ධයෙන් වන විශේෂ කව රැස්වීමේ වාර්තාව
පහත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2016.04.27 දින ප.ව 3.00 ට ඉසුරු කවය රැස්විණ.

01.   ඒ බන්දුවතී මිය                             -           මුදල් සහකාර
02.   ශානිකා වික්‍රමනායක මිය              -           සංවර්ධන නිළධාරි
03.   චරිත් හෙට්ටිආරච්චි මයා               -           කළමනාකරණ සහකාර
04.   ඉනෝෂා සඳමාලි මිය                    -           කළමනාකරණ සහකාර
05.   එච්.ජී.පී. ජයනාත් මයා                  -           කළමනාකරණ සහකාර
06.   සුරංජි දේනුකා මිය                       -           සංවර්ධන නිළධාරි
07.   ඩබ්.ජී.දේවිකා මිය                        -           සංවර්ධන නිළධාරී
08.   දිලිනි විජේනායක මෙය                -           කළමනාකරණ සහකාර
09.   අජන්ත මොදරවාන මයා               -           කළමනාකරණ සහකාර

මෙලෙස හදිසියේ කව රැස්වීමක් පැවැත්වීමට හේතු පාදක වූයේ අනෙකුත් කවයන් සිය කව ව්‍යාපෘති සිදුකීරීම මේ වන විටත් ආරම්භ කර ඇති බැවින් ඉසුරු කවය ද යම් කව ව්‍යාපෘතියක් සිදු කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වීමයි.

යම් කව ව්‍යාපෘතියක් සිදුකරන්නේ නම් එය රාජකාරී කටයුතු පහසු කරගැනීමට අදාළ විය යුතු බවත්, රාජකාරිමය වශයෙන් මතු වී ඇති යම් ගැටළුවක් නිරාකරණය කිරීමට  කව ව්‍යාපෘති සිදුකළ යුතු බවටත් යෝජනා විය.

එ අනුව ප්‍රමුඛතාවය ලබාදිය යුතු එවැනි ගැටලු පහත පරිදි යෝජනා විය
.
1. මන්ත්‍රී ප්‍රතිපාදන/ප්‍රතිපාදන/අක්මුදල් නිදහස් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය පහත සඳහන් ගැටළු වලින් යුක්ත වීම.

        I.            කළමනාකරණය කළ නොහැකි ප්‍රමාණයට විශාල වශයෙන් ලිපි ලැබීම.
      II.            උක්ත ලිපි ප්‍රමාණය නිසා ලිපි ගොණු විශාල ප්‍රමාණයක් ඇතිවීම.
    III.            තැපැල් ප්‍රමාද වීම් නිසා සිදුවන අවහිරතා.
  IV.            අනෙකුත් කාර්යාල වලින් ලිපි එවීමේ දී  නිවැරදි ආකෘතිය භාවිතා නොකිරීම.

2. නිතර සිදුවන විදුලි විසන්ධිවීම් නිසා පරිගණක හා උපාංග වල දෝෂ ඇතිවීම.

3. කාර්යාලයේ සියලුම වත්කම් ලේඛන ගතව නොපැවතීම හා පවතින ලේඛන හා සත්‍යෙක්ෂණ වාර්තා සමඟ  නොගැලපීම.

4. වවුචර්පත් සිංහලෙන් ඉදිරිපත් වීම නිසා CIGAS මෘදුකාංගය මඟින් චෙක්පත් මුද්‍රණය කිරීමේ දී ගැටළු ඇතිවීම.

5. ඇතැම් ව්‍යාපාර ආයතනවල නමින් බැංකු ගිණුම් නොපැවතීම නිසා එවැනි ආයතන වල නමින් නිකුත් කරන ලද චෙක්පත් අවලංගු කරමින් නැවත නැවතත් මුද්‍රණය කිරීමට සිදුවීම.

බුද්ධි කලම්භනය ඔස්සේ නිලධාරීන්ට පවතින ගැටළු පොදු කරුණු ඔස්සේ පහත වගුවේ සඳහන් පරිදි සංක්ෂිප්ත කරන ලදි. එසේ සංක්ෂිප්ත කරන ලද ගැටළු නිලධාරීන් වෙත යොමු කර වඩාත් ඉක්මණින් විසදිය යුත්තේ කුමන ගැටළුව ද යන්නට ලකුණු ලබා දෙන ලදි.

3- වඩාත් ඉක්මනින් විසදිය යුතුය / 2- ඉක්මනින් විසදිය යුතුය / 1- විසදීමට කාලයක් ගත වුවාට කමක් නැත / 0- විසදිය යුතු නැත(විසදීම අපහසුය)

ගැටලුව
6/1
6/2
6/3
6/4
6/5
6/6
6/7
6/8
6/9
6/10
කා.කා.ස
එකතුව
01. දෛනිකව ලැබෙන ලිපි හා පෞද්ගලික ලිපි ගොනු වලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ සංවර්ධන නිලධාරින්ගේ ගැටළු සම්බන්ධවයි.ඒවාබොහෝ විට අඩුපාඩු සහිතව ලැබෙන අතර ඒවා කිහිමන්ත්‍රී ප්‍රතිපාදන /ප්‍රතිපාදන/අක්මුදල් නිදහස් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය පහත සඳහන් ගැටළු වලින් යුක්ත වීම.
         I.            කළමනාකරණය කළ නොහැකි ප්‍රමාණයට විශාල වශයෙන් ලිපි ලැබීම.
        II.            උක්ත ලිපි ප්‍රමාණය නිසා ලිපි ගොණු විශාල ප්‍රමාණයක් ඇතිවීම.
      III.            තැපැල් ප්‍රමාද වීම් නිසා සිදුවන අවහිරතා.
      IV.            අනෙකුත් කාර්යාල වලින් ලිපි එවීමේ දී  නිවැරදි ආකෘතිය භාවිතා නොකිරීම.
 යවන අතර ඒ පිළිබඳව උපාධිදාරී වෘත්තීය සමිති විසින් නිතර නිතර ඡෝදනා ඉදිරිපත් කිරීම
3
3
3
3
3
2
3
3
2
3
2
30
02.නිතර සිදුවන විදුලි විසන්ධිවීම් නිසා පරිගණක හා උපාංග වල දෝෂ ඇතිවීම.
ආයතනික කටයුතු සඳහා ලිපි හා ලිපිගොනු යොමු වීම මත අදාල විශය නිලධාරීන්ගේ රාජකාරී කටයුතු බහුල වීම.
3
2
3
3
2
2
3
2
2
3
2
27
03. කාර්යාලයේ සියලුම වත්කම් ලේඛන ගතව නොපැවතීම හා පවතින ලේඛන හා සත්‍යෙක්ෂණ වාර්තා සමඟ  නොගැලපීම.

3
3
3
3
2
2
2
3
2
3
3
29
04. වවුචර්පත් සිංහලෙන් ඉදිරිපත් වීම නිසා CIGAS මෘදුකාංගය මඟින් චෙක්පත් මුද්‍රණය කිරීමේ දී ගැටළු ඇතිවීම.
 සංශෝධනය කිරීමේ හා දීර්ඝ කිරීමේ ඉල්ලීම් බොහෝ විට ප්‍රමාද වි ලැබෙන අතර ඒවාද අඩුපාඩු රැසක් සහිතව වේ.
2
1
2
1
1
1
1
2
1
1
1
14
05. ඇතැම් ව්‍යාපාර ආයතනවල නමින් බැංකු ගිණුම් නොපැවතීම නිසා එවැනි ආයතන වල නමින් නිකුත් කරන ලද චෙක්පත් අවලංගු කරමින් නැවත නැවතත් මුද්‍රණය කිරීමට සිදුවීම.

3
2
1
2
1
2
1
2
1
2
1
18

 උක්ත වගුව අනුව අංක 1 ගැටලුව විසඳීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස කව සාමාජිකයන්ට දන්වන ලදී..

අංක 1 ගැටලුව විසඳීමට ඉදිරිපත් වූ යෝජනා

        I.            මන්ත්‍රී ප්‍රතිපාදන/ප්‍රතිපාදන/අක්මුදල් ඉල්ලීම, නිදහස් කිරීම හා ආපසු ගෙවීම සඳහා විද්‍යුත් තැපෑල භාවිතා කිරීම.

මෙම විසඳුම සෑහෙන දුරට සාර්ථක විසඳුමක් වුව ද, මන්ත්‍රී ප්‍රතිපාදන/ප්‍රතිපාදන/අක්මුදල් ඉල්ලීම, නිදහස් කිරීම හා ආපසු ගෙවීම සම්බන්ධයෙන් ස්වයං ජනනය වන (Auto Generating) වාර්තා හා ලිපි ඇතුළත් වන පරිදි විද්‍යුත් තැපෑල හසුරුවා ගත නොහැකි වීමත්, විද්‍යුත් තැපෑල යනු හුදු සන්නිවේදන මෙවලමක් වීමත් වන නිසාත්, අපගේ සියලුම අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි, පෙර ඇණවුම් මඟින් නිර්මාණය කරගත හැකි (Tailor Made) පරිගණක වැඩසටහනකට වඩා විද්‍යුත් තැපෑල කාර්යක්ෂම නොවන නිසා මෙම විසඳුම ප්‍රතික්ෂේප කරන ලදී.

      II.            මන්ත්‍රී ප්‍රතිපාදන/ප්‍රතිපාදන/අක්මුදල් ඉල්ලීම, නිදහස් කිරීම හා ආපසු ගෙවීම සඳහා ෆැක්ස් භාවිතා කිරීම.

ෆැක්ස් යන්ත් නිරන්තර බිඳවැටීම් වලට ලක්වන බැවින් හා තීන්ත ප්‍රමාණ හෝ වෙනත් සාධක මත ෆැක්ස් පිටපත් අපැහැදිලි වීම හේතුවෙන් මෙම විසඳුම ප්‍රතික්ෂේප කරන ලදී.

    III.            මන්ත්‍රී ප්‍රතිපාදන/ප්‍රතිපාදන/අක්මුදල් ඉල්ලීම, නිදහස් කිරීම හා ආපසු ගෙවීම සඳහා පරිගණක වැඩසටහනක් භාවිතා කිරීම.

මෙම විසඳුම වඩාත් යෝග්‍ය වන බැවින්  කව ව්‍යාපෘතියක් ලෙස මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    IV.            මන්ත්‍රී ප්‍රතිපාදන/ප්‍රතිපාදන/අක්මුදල් ඉල්ලීම, නිදහස් කිරීම හා ආපසු ගෙවීම ත්‍රෛමාසිකව සිදුකිරීම.

මෙම විසඳුම ප්‍රායෝගික නොවන අතර මුදල් රෙගුලාසි වලට ද  අනුකූල නොවන බැවින් ප්‍රතික්ෂේප කරන ලදී.  

No comments:

Post a Comment