නිෂ්ක්‍රමණය


මම පලායමි සඳේ  ජීවිතෙන් ඈතකට
රිදෙන්නට සිතක් නැති සියල්ලෙන් ඈතකට
කිසි කෙනෙක් හමුනොවන නිදහසෙන් පිරි දෙසට
මම පලායමි සඳේ,   නුඹ කිමද මා එක්ක?

එක විටෙක නොවේ මට ගැරහුවේ මුලු ලොවම
බෙදා වෙන් වූ  තැනින් එකා මෙන් නැගී සිට
සුබ ලොවක් තනන්නට වෙහෙස වූ පාපයට
මා මරා අළු නොකළ එක ඇති ද සැනසෙන්න?

නුඹ අතින්  බත් කටක් කවනවද අම්මේ?
නුඹ දෙපා නොවැඳ අද පිටවෙනවා අම්මේ
චින්තනය නුඹ දීපු රැකගන්න අම්මේ
නොයා ඉන්නට මඟක් සොයන් නැත අම්මේ  

No comments:

Post a Comment