ඉදිරිපත් වූ වවුචර් සඳහා ගෙවීම් කිරීම ප්‍රමාද වීමට හේතු හඳුනා ගැනීම.

හැඳින්වීම
ඉසුරු කවය නිරන්තරයෙන් සේවාලාභීන් උදෙසා කැපවී සිටින අතර නිරතුරු ඒ සඳහා අප බැඳී සිටින්නෙමු.
එබැවින්, එය තවදුරටත් තහවුරු කරමින් අංශයේ ඵලදායීතාවය ඉහල නැංවීම උදෙසා විවිධ කව යෝජනා ක්‍රියාත්මක කරමින් ප්‍රධාන ලේකම් කාර්යාලය තුල කීර්තිමත් කවයක් ලෙස ඉසුරු කවය නම් දරා සිටින බව දක්වනුයේ ඉතා සතුටිනි.
එය තව තවත් ඔප නංවමින් අංශයේ කාර්යයන් තුලින් සේවාලාභීන් වෙත තවදුරටත් සුහඳ සේවයක් ලබා දීම සඳහා කව රැස්වීම් තුලදී විවිධ අදහස් ලබාගනිමින් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ අතර එහිදී අංශය තුල තිබූ ප්‍රධාන ගැටළුවක් සඳහා පහසුවෙන් විසඳුම් ජනනය කර ගැනීමට හැකි වූ බව දක්වනුයේ හද පිරි සතුටිනි.

ඉසුරු කව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.

1.     ගැටළු හඳුනා ගැනීම.
2.     ගැටළු ප්‍රමුඛතාකරණය.
3.     ගැටළු විශ්ලේෂණය.
4.     විකල්ප විසඳුම් ජනනය.
5.     විකල්ප විසඳුම් ඇගයීම.
6.     ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
7.     ව්‍යාපෘති ඇගයීම.
8.     සම්මතකරණය.
9.     ස්වයං ඇගයීම හා අනාගත සැලසුම්.

ගැටළු හඳුනා ගැනීම.

අංශයේ පවතින ගැටළු හඳුනාගෙන කව මට්ටමින් ඒවාට විසඳුම් ලබා දීමටත් ආයතනයේ ක්‍රියාවලි වැඩි දියුණු කිරීමට කයිසෙන් යෝජනා ලබාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී.
ඒ අනුව අංශ භාර මාණ්ඩලික නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සහ ඉසුරු කවයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මාසික කව රැස්වීමේදී බුද්ධි කලම්භනය උපයෝගී කර ගනිමින් විසඳුම් ලබා දිය යුතු ගැටළු හඳුනා ගන්නා ලදී. මෙය අපගේ එක් ගැටළුවක් පමණි.

බුද්ධි කලම්භනයෙන් හඳුනා ගත් ගැටළු.......

·        අප අංශයේ ඉදිරිපත් වන වවුචර් සඳහා ගෙවීම් ප්‍රමාද වීම.
(ගැටළුව ඉදිරිපත් කිරීම - ජයනාත් මයා.)
·        අංශය තුලට පැමිණෙන සේවාලාභීන්ට සපයා ඇති ආසන සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම.
(ගැටළුව ඉදිරිපත් කිරීම - ශානිකා වික්‍රමනායක මිය.)
·        අංශය තුල බාහිර ක්‍රියාකාරකම් අඩුවීම මත අංශයේ සාමාජිකයින්ගේ එකමුතු බව අඩුවීම.
(ගැටළුව ඉදිරිපත් කිරීම - බන්දුවතී මිය.)
·        අංශය තුල නිලධාරියෙකු නිවාඩු ගත් විට එම රාජකාරිය සිදුකිරීම ප්‍රමාද වීම.
(ගැටළුව ඉදිරිපත් කිරීම - සුරංජි දේනුකා මිය.)
·        ප්‍රධාන ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ දෛනික වැඩ කාලය තුල මානසික ආතතිය කළමණාකරනයට පියවර ගැනීම.
(ගැටළුව ඉදිරිපත් කිරීම - රිද්මා මෙය.)

ගැටළු ප්‍රමුඛතාකරණය
කව සාමාජිකයන් අතර බුද්ධි කලම්භනය මඟින් හඳුනාගත් ගැටළු ප්‍රමුඛතාකරණය සඳහා ප්‍රගණන වගු ක්‍රමය භාවිතා කරන ලදී .
ඒ අනුව පහත ප්‍රගණන සටහන මඟින් දක්වා ඇත්තේ කව සාමාජිකයන්ගේ අදහස අනුව හඳුනාගත් ගැටළු සඳහා ඔවුන් විසින් ලකුණු ලබා දී ඇති ආකාරයයි.
එක් එක් සාමාජිකයන්ගේ ඔවුන්ගේ කැමැත්ත පරිදි ගැටළු දෙකක් සඳහා ලකුණු ලබා දෙන ලෙස දන්වන ලදී.


හඳුනාගත් ගැටළු
ප්‍රගණන සටහන
ලකුණු ප්‍රමාණය
ලකුණු ප්‍රතිශතය

1.

අප අංශයේ ඉදිරිපත් වන වවුචර් සඳහා ගෙවීම් ප්‍රමාද වීම.

IIIII IIIII II
12
42.8%

2.


අංශය තුලට පැමිණෙන සේවාලාභීන්ට සපයා ඇති ආසන සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම.

IIIII

5
17.9%

3.

අංශය තුල බාහිර ක්‍රියාකාරකම් අඩුවීම මත අංශයේ සාමාජිකයින්ගේ එකමුතු බව අඩුවීම.


III

3
10.8%

4.

අංශය තුල නිලධාරියකු නිවාඩු ගත් විට එම රාජකාරිය සිදු කිරීම ප්‍රමාද වීම.

II
2
7.1%

5.

ප්‍රධාන ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ දෛනික වැඩ කාලය තුල මානසික ආතතිය කළමණාකරනයට පියවර ගැනීම.

IIIII I
6

21.4%


එකතුව

28
28
100%

ඉහත ප්‍රගණන වගුවෙන් ලද දත්ත පදනම් කරගෙන වඩාත් ප්‍රමුඛ වූ ගැටළුව සොයා බැලීම සඳහා ප්‍රස්ථාරයක් නිර්මාණය කරන ලදී.
ඒ අනුව නිර්මාණය කරන ලද ස්ථම්භ ප්‍රස්ථාරය පහත දක්වා ඇත.

ප්‍රමුඛ වූ ගැටළුව සොයා බැලීම සඳහා නිර්මාණය කරන ලද වට ප්‍රස්ථාරය.


නිර්මාණය කරන ලද ප්‍රස්ථාරය බැලූ විට අංක 01 ගැටළුව ප්‍රමුඛතාව වී ඇති බව පෙනී යයි.
එබැවින් එම ගැටළුව ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා අතර එම ගැටළුව විශ්ලේෂණය කිරීම සිදු කරන ලදී.
ගැටළු විශ්ලේෂණය

මෙහිදී 5 why සංකල්පය යොදා ගැනිණි.
ඒ සඳහා කරන ලද විශ්ලේෂණය පහත පරිදි වේ.

Ø  අංශය තුල වවුචර් සඳහා ගෙවීම ප්‍රමාද වන්නේ ඇයි?
නියමිත වේලාවට වවුචර් නොලැබීම.

Ø  එවැනි අවස්ථාවක වවුචර් ලැබීම ප්‍රමාද වන්නේ ඇයි?
නිසි පරිදි වවුචර් සම්පූර්ණ කර නොතිබීම.

Ø  එසේ වවුචර් අසම්පූර්ණ වන්නේ ඇයි?
නිලධාරීන් දැනුවත් නොවීම.

Ø  ‍‍එසේ නම් නිලධාරීන් නොදැනුවත් ඇයි?
සියළු නිලධාරින්ට විෂය දැනුම නොමැති වීම.

Ø  එසේ නම් නිලධාරීන් දැනුවත් කරන්නේ ඇයි?
වවුචර් නිසි පරිදි ඉදිරිපත් කිරීම සඳහා.

විකල්ප විසඳුම් ඇගයීම

විකල්ප විසඳුම් ජනනය සඳහා පියවරේදී වසඳුම් කිහිපයක් යෝජනා වූ අතර ඒවා අතරින් ක්‍රියාත්මක කල යුතු හොඳම විසඳුම් තෝරාගෙන සාමාජිකයන්ගෙන් මනාපය විමසන ලද අතර එහිදී ලද පිළිතුරු පහත අනුව වේ.


විසඳුම

ප්‍රගණන සටහන
ලකුණු
ප්‍රතිශතය
1.

වවුචර් නියමිත වේලාවට ලැබීමට නිලධාරීන් දැනුවත් කිරීම.

III
3
15
2.

වවුචර් ඉදිරිපත් කිරීම සඳහා නියමිත ක්‍රමවේදයක් සකස් කිරීම.

I
1
5
3.

පෙ.ව. 11ට පෙර වවුචර් අංශය වෙත ලැබීමට නිලධාරීන් දැනුවත් කිරීම.

II
2
10
4.

වවුචර් පිරවීම පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම.

II
2
10
5.

සම්මතකරණ ලද ගෙවීම වවුචර් ආකෘති සෑම අංශයකටම දැනුම් දීම.

IIIII IIIII II
12
60




20


100%
මෙම ප්‍රගණන වගුව උපයෝගී කරගෙන එම දත්ත විශ්ලේෂණය කර බැලීමට ස්ථම්භ ප්‍රස්ථාරයක් සකසන ලදී.

                           
මෙම ස්ථම්භ ප්‍රස්ථාරය අනුව විසඳුම් අංක 05 උචිත බව පැහැදිලි වේ.

ව්‍යාපෘති ඇගයීම
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු කව සාමාජිකයින් අංක වෙත ගොස් ඇගයීමක් සිදු කරන ලද අතර එහිදී ලද සමස්ථ ප්‍රතිඵලයන් පහත පරිදි වේ.
අංශය
ව්‍යාපෘතිය සඳහා ප්‍රතිචාරය
ඉතා සාර්ථකයි
සාර්ථකයි
සාමාන්‍යයි
දුර්වලයි
සේවාලාභීන්



ආයතන අංශය



පාලන අංශය



ගිණුම් අංශය



ගිණුම් හා ගෙවීම්



නීති අංශය



අභ්‍යන්තර විගණන අංශය



සංඛ්‍යාලේඛණ අංශය



සංවර්ධන අංශය



අය-වැය අංශය



මුදල් අංශය



පිරිස් අංශය



සැපයුම් අංශය




ප්‍රධාන ලේකම් කාර්යාලය අනෙකුත් අනුබද්ධ ආයතන තුල ප්‍රතිචාර සොයා බැලීමේදී ඉතා සාර්ථකයි ලෙස ප්‍රතිචාර ලැබිණි.
සමස්ථයක් ලෙස මෙම ව්‍යාපෘතිය ඉතා ඵලදායී බව නිරීක්ෂණය වේ.

ව්‍යාපෘතියේ කාල රාමුව
ක්‍රියාවලිය
මැයි සිට ඉදිරියට
01
02
03
04

කව රැස්වීම පැවැත්වීම, ගැටළු සාකච්ඡා කිරීම, ගැටළු වලට විසඳුම් සාකච්ඡා කිරීම.





වවුචර් සඳහා සම්මත කරන ලද ක්‍රමවේදයන් හඳුනා ගැනීම.





වවුචර් නිසි පරිදි ලකුණු කිරීම.





අදාල අංශ වෙත නිසි පරිදි සකසන ලද වවුචර් ආකෘතිපත්‍රය ඉදිරිපත් කිරීම.





ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.

විසඳුම් ඇගයීම මඟින් ජනිත විසඳුමට ප්‍රමුඛතාව දී කව සාමාජිකයින් විසින් ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

ක්‍රියාත්මක කල ආකාරය

සියළු කවයන් අතර සම්මත කරන ලද ආකෘතිපත්‍රය බෙදා හැරීම.
ඇමුණුම 01

සම්මතකරණය
නියමිත ආකාරයෙන් වවුචර් ලැබීම නිසි පරිදි සිදු වීම මත සේවාලාභීන් හට එක් දිනක් තුල වවුචර් ගෙවීම හැකියාව ලැබීම තුල නිසි අයුරින් කාර්යක්ෂමතාවයෙන් යුතුව අදාල ගෙවීම කිරීමට හැකි බව නිරීක්ෂණය විය.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය සේවාලාභී තෘප්තිය උපරිම වන අයුරින් සේවය සැපයීම තුල ප්‍රධාන ලේකම් කාර්යාලය තුල සම්මත ව්‍යාපෘතියක් බවට පත් විය.

ස්වයං ඇගයීම සහ අනාගත සැලසුම්...

Ø  මෙම ව්‍යාපෘතිය හේතුවෙන් සේවාලාභීන්ගේ රැඳී සිටීම, අනවශ්‍ය චලන බොහොමයක් අවම කිරීමට හේතු විය.
Ø  එමෙන්ම කාලය අනවශ්‍ය ලෙස අපතේ යෑම අවම වන ලදී.
Ø  නිලධාරීන්ගේ කාර්යය ඉටුවීම තුල ඔවුන් සතුටින් සේවා ලබා විසිර යෑම දක්නට ලැබීය.
Ø  ගෙවීම් නිලධාරියා මෙමඟින් අපහසුතාවයට පත්වීම අවම වන ලදී.
Ø  එමෙන්ම ඉදිරියේදී අංශයේ කාර්යයන් පිලිබඳව අනෙකුත් අංශ දැනුවත් කිරීම සඳහා ව්‍යාපෘතියක් සැකසීම සඳහා යෝජනා ඉදිරිපත් වූ අතර ඉදිරියේදී එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ගෙවීම් වවුචරයක් සම්මත ක්‍රමයට විධිමත්ව පිළියෙල කිරීමට හා ගෙවීමට ඉදිරිපත් කිරීමට උපදෙස්

1.      වවුචරයේ, ගෙවීම ලබන්නාගේ නම පැහැදිලිව නියමිත ස්ථානයේ සඳහන්ව තිබීම. (ආදර්ශ වවුචර් වල අංක 01) (බිල්පත් වල සඳහන් ආකාරයට නම නිවැරදි විය යුතුය.)

2.      නිවැරදි වැය ශීර්ෂ අංකය ගිණුම් අංශය මඟින් සඳහන් කිරීමට එම ස්ථාන හිස්ව තැබිය යුතු අතර වෙනත් කිසිවක් නොලිවිය යුතුය. (ආදර්ශ වවුචර් වල අංක 02)


3.      වවුචරය පිළියෙල කල දිනය අදාල ස්ථානයේ අනිවාර්යයෙන්ම සටහන් කිරීම. (ආදර්ශ වවුචර් වල අංක 03)

4.      ගෙවීමට අදාල කාරණය පැහැදිලිව හා නිරවුල්ව අදාල ස්ථානයේ සඳහන් කිරීම. (ආදර්ශ වවුචර් වල අංක 04)


5.      අතිකාල ගෙවීම් වවුචරයේ ඉටුකල රාජකාරී විස්තර හා අංශය භාර නිලධාරී ගෙවීම නිර්දේශ කර තිබිය යුතුය. (ආදර්ශ වවුචරයේ අංක 11 සහ 12)

6.      ගමන් වියදම් වවුචරයේ රාජකාරී ගමන ගිය දිනය, පිටත් වූ වේලාව හා පැමිණි වේලාව, පිටත් වූ හා පැමිණි ස්ථාන පැහැදිලිව සඳහන් කල යුතුය. දින 03කට වැඩි කාලයක් ගමන සඳහා ගත කලේ නම් තාවකාලික නවාතැන් ලිපිනය සඳහන් කර තිබිය යුතුය. ගමන සඳහා රාජකාරී නිවාඩු අනුමත කර ගත් බවට සටහනක් තිබිය යුතු අතර, පුහුණු වැඩසටහන් වලට සහභාගී වූ විට පැමිණීමේ සහතිකය ගමන් වියදම් වවුචරයට අමුණා තිබිය යුතුය.


7.      පොදු තැන්පත් ගෙවීම්, රික්විෂිසන් වවුචරයේ ලැබීම් විස්තර (දිනය, කුවිතාන්සි අංකය, ලැබුනේ කාගෙන් ද?, කුමන කාරණයකට ද යන්න) පැහැදිලිව සඳහන් කල යුතුය.

8.      සෑම ගෙවීම් වවුචරයකම පිළියෙල කල විෂය නිලධාරීයාගේ කෙටි අත්සන හා සංකේත අංකය සටහන් කල යුතුය.


9.      අතුරු අග්‍රිම (අග්‍රිම අත්තිකාරම්) ලබා ගැනීමේදී අපේක්ෂිත වියදම් ඇස්තමේන්තුවක් අනුමත කර ගෙවීම් වවුචරය සමඟ ඉදිරිපත් කල යුතුය.

10.  සෑම ගෙවීමකටම මු.රී. 84 බලය දීම කරන ලද ලිපි ගොනුවේ අංකය හා පිටු අංකය නියමිත ස්ථානයේ සටහන් කිරීම. (ආදර්ශ වවුචර් වල අංක 05)


11.  නියමිත ස්ථානයේ ගෙවන මුදල අකුරින් සඳහන් කිරීම. (ආදර්ශ වවුචර් වල අංක 06)

12.  ගෙවීම නිර්දේශ කිරීමට නියමිත ස්ථානයේ අදාල මුද්‍රාව තබා ඒ තුල පමණක් අත්සන් කිරීම. (ආදර්ශ වවුචර් වල අංක 07)


13.  ගෙවීම අනුමත කිරීමට නියමිත ස්ථානයේ අදාල මුද්‍රාව තබා ඒ තුල පමණක් අත්සන් කිරීම. (ආදර්ශ වවුචරයේ අංක 08)

14.  ගෙවීම සහතික කරන නිලධාරී අත්සන තබන ස්ථානයේ වෙනත් කිසිඳු මුද්‍රාවක් හෝ සටහනක් නොයෙදීම. (ආදර්ශ වවුචරයේ අංක 09)


15.  ගෙවීම් වවුචරය ආයතනයට/ගිණුම් අංශයට ලද විට නියමිත ස්ථානයේ දින මුද්‍රාව තැබීම. (ආදර්ශ වවුචරයේ අංක 10)

16.  ගෙවීම් වවුචරයට අදාල බිල් පත්‍ර/ඉන්වොයිසි, පොදු 219 ලැබීම් නියෝග, ගිවිසුම් පිටපත්, මිණුම් පත්‍ර, බෙදා හැරීමේ ලේඛණ, පැමිණීමේ ලේඛණ, කාර්මික නිලධාරී නිර්දේශ වැනි අවශ්‍ය ලියවිලි විධිමත්ව අමුණා තැබීම. (බිල් පත්‍ර වල දිනය යොදා, ප්‍රධාන ලේකම් නමට නිකුත් කර තිබිය යුතුය.)


17.  වවුචරයේ සටහන් හෝ ඉලක්කම් වෙනස් නොකිරීම, ටිපෙක්ස් ගෑම හෝ වෙනයම් ආකාරයකින් මැකීම් සිදු නොකිරීම.

18.  ඉරීගිය, අපවිත්‍ර වූ, අපැහැදිලි හෝ අසම්පූර්ණ වවුචර් ගෙවීමට ඉදිරිපත් නොකිරීම.


19.  බාහිර පාර්ශවයන්ගෙන් ලැබෙන ගෙවීම් වවුචර් සඳහා චෙක්පත් මඟින් ගෙවීම් කරනු ලබන බැවින් ආදායකයා මුදල් භාර ගැනීම තහවුරු කිරීමට අදාල ස්ථානයේ නියමිත මුද්දර අලවා අත්සන් යෙදූ වවුචර් පත් පමණක් ගෙවීමට ඉදිරිපත් කිරීම.

20.  සෑම ශාඛාවකම ගිණුම් අංශයට වවුචර්පත් භාරදීමේ ලේඛණයක් තිබිය යුතු අතරම භාර දෙන වවුචර් පත් සඳහන් එම ලේඛණයේ දිනය සහ වේලාව යොදා භාර ගත් නිලධාරීගෙන් අත්සන් ලබාගත යුතුය.




No comments:

Post a Comment