සෙවනැල්ලයි ඔබ මගේ .....

සරසවියෙන් සමු අරගෙන
ඔබ එන තුරු
හද කුටියට
මග බලාන මම උන්නා
ගම් පියසට වී...

කොළොම් තොටින් නුඹ එනතුරු
සිව් වසරක් නිමවී...
නුඹ ඇවිදින් ගිය දින
යළිත් නුඹෙ සුවඳ පමණකි
මවෙත ශේෂ වූයේ...

අට හෝරාවේ සේවයට
නුඹේ දාහය හෙලද්දි
යළිත් තනිවූ සේ
දැණුනි මට...

බලා හිඳිමි දිනක් එනතුරු
සැම දිනම ලංව හිඳිනා
දුරට දුව නොයනා
නුඹ මට ලංව හිඳිනා......
තමරා අමරසිංහ

No comments:

Post a Comment