කවුරුන්ද නුඹ

විටෙක බියකරුය, හැඟුම්බරය
සොවින් තැවෙනා මිනිසුන් බිහිකල නුඹ
කිසිදා සිය පියවරුන්
නුදුටු දරුවන් කොතෙක් බිහි කළෙද නුඹ
එනමුදු ඒ විරු ලෙසින්
විකසිත වූ කැකුලකි පුත, නුඹ
සදාදර පුතණුවන්
සෙනෙහබර සැමියන්
එනතුරු පෙරුම් පුරනා දනන් බිහි කල නුඹ
පතනා දෙය කිම්ද
නොවැටහෙයි දනන් අප මිහිපිට
දෙපා අහිමිව ගියද
කුරිරු ලොව ජය ලබන
දිරිය මිනිසුන් බිහිවුනි,
ලේ පිපාසිත කුරිරු වූ යුද්ධය
කෙලෙස බිහි වුනිද
නොදනිමි, එනමුදු සිතමි මෙලෙසින.......
ශාපයක් දෝ දෙවියන්ගේ
පාපයක් දෝ මිනිසුන්ගේ
හේමාලි නානායක්කාර

No comments:

Post a Comment