මගේ ඉරණම
ඇට හා පැල මගින් මම ඔබ
වෙනුවෙන් ම බිහි වෙමි.
පැවැත්මට ආරක්ෂාව, පොළොව
මත පවතින තුරු වගා කරන ඔබට මාගේ භාරකාරීත්වය හිමි වේ.
වගකීම හා මෙහෙවර අනුව
ජීවත් වීමේ කාලයන් විවිධ වේ. එම කාලය තුළ එක් අවස්ථාවක මගේ ළදරු කාලය පටන් ගනී.
පොහොර යොදා, බෙහෙත් පොවා
මාරාන්තික රෝග වලින් මුදවා ගෙන නල ජලයෙන්
හා වැසි දියෙන් සිසිල් කර ඔබ මා සනසවයි.
මෙසේ ශක්තිමත් වන මම
යෞවන කාලයට පිවිසෙමි.
මම ඵල දරමි.
දහවල් හිරුගේ රස්නෙන්
නැහැවෙන මම රාත්රියේ සඳුගේ සිසිලින් නැලවෙමි. නිරතුරුව මාගේ තනියට මා ළඟ පඹයා
නොසැලී සිටියි.
මා දරන ඵල නෙලනු ලැබ
මිටි බැඳ ලොරිවලින් නගරයට එයි. මේ කාලයේ මා විඳින හිරිහැර ද අපමණය.
සියල්ල සිදු වන විට මට
ඔබ ගෙන් සමුගැනීමට කාලය එළඹෙයි. මා බිහි කළ පොළව මතට නැවී මිහිකත වැලඳ ගැනීමට මට
සිදුවෙයි. නැවතත් මම පොළෝ තලයට පොහොර වෙමි.
තරඟ බිමෙන් හා ඔබලාගෙන්
මට ලැබුණු තැන අගයමි.
මා නැවත බිහිකිරීමේ තරඟයට ඔබත් එක් වන්න...!
චම්ලි ගුණසේකර
No comments:
Post a Comment