සෙබළ විරුවනි...
තල් වැට මායිමේ
ගිනි අවිය අත දරන්
රුදුරු සතුරාට ලය දී
අප අතරින් සමුගත්
දයාබර සෙබළ විරුවනි..
රතු පාට ලේ ගංඟා මතින්
හෙලූ අවසන් සුසුම් පොද
වා තලයට එක් වෙද්දී
සඳහටම නුඹ නෙත් පියාගෙන
නමුදු නුඹ පූජනීයයි
විසම වූ ලෝකයේ
නුඹ වන්දනීයයි
අමතක නැහැ නුඹව කිසි දින
සදාදරණීය සෙබළ විරුවනි
පතන්නෙමු ඉකිගසන හදවතින්
දෑස් අග රුඳි කඳුලු අතරින්
නුඹලාට අත් වන්නට පින්..
දයාබර විරුවනි..
දිනූ පසු යම් දිනක ජය කනුව
ඉතිහාසය රන් අකුරින් ලියැවේවි
නුඹ නමින්...
ජානක
රොෂාන්
No comments:
Post a Comment