තරණය
මඩ කළල් මතින් නැඟි
සුපුෂ්පිත නෙළුම් විලසින
පියෙන් පිය නැඟ සීරුවෙන්
ජය ටැඹ කරා එළැඹෙන...
ගල් මුගුරු මුදු සිනහවෙන්
මල් පොකුරු සේ පිළිගෙන
ගිරි දුර්ග මග අග
විඩා පාලමින් සැනසෙන...
වියපත් නෙතු අගින්
තුටු කඳුලු මුදු වෑහෙන
සු’පසන් අනාවක
පෙරමග නිමිති දැනගෙන...
රළු පරළු වූ වදනින්
නොහැක දීමට රිදවුම්
හැකිය අභියෝගයක් විලසින්
දියත් කරනට නෞකාව සේද මාවතින්...
පෑදි දිය බොර දිය
හංස තුඩ’ගින් වෙන් වෙන
නෙළුම් සමගින් හසකැළ
බලන් සකි නව ලොව බබළවන...
හේමාලි නානායක්කාර
No comments:
Post a Comment