රට නැගුම

මහඡන්දයක් එන                      
- රාවයක්                                  පැතිරෙන
නිසාවෙන් මහජන                   
 - මතය කෙලෙසක වේද            තැනතැන
තේ කඩේ ඇතුලෙන්                  
- එළවලු ලෑලි                              අතුරින්
මාළු කඩේ අස්සෙන්                 
- යායුතුය මේ ගැනම                හොයමින්


ඉදිරිය බලබලා                          
- වැඩිය වටපිට                          නොබලා
සයිකලේ නැගිලා                     
- ට්‍රැෆික් බ්ලොක් වී හිටියෙ           ලැගලා
පැයක් මඟ ගෙවීම්                     
- මාර්කට් එකට                            ගියෙමි
වටපිට බැලුයෙමි                       
- රජයේ වාහන තිබෙනු                    දුටිමි


ඩියුටි දිනයක් වන                      
- සඳුදාවකිය අද                                 දින
ඒත් අපෙ වාහන                        
- මන්ද හේතුව මෙසේ තැන             තැන
අමතර කාරණා                          
- සෙවිය යුතු නැත                      මෙදිනා
මගේ අරමුණු ගැනා                   
- මතක් වී ඉදිරියට                        ඇදුනා


මහල්ලන් මැහැල්ලන්               
- කොල්ලන් සමඟ                  කෙල්ලන්
හමුවිය යුතුම නන්                     
- බස් පොලට යායුතුය              එහෙනන්
ගෘහනියක ලස්සන                    
- වදනක් කීය                         මෙලෙසින
කෙරුවත් ඡන්ද මොන               
- අපට ප්‍රගතිය නැතිය                 කිසිදින


බොහෝ ලොකු ලොකු අය        
- කරනා රජයේ                           සේවය
හැම විට ම මගම ය                   
- රටට වන සේවයක්                 නැහැමය
නාස්තිය දුරු කොට                   
- වංචා ගැහිලි                        නැතිකොට
වියදම්ද අඩු කොට                     
- මොවුන් කන හැටි පෙනේ       සැමවිට


දුක් විඳින රට්ටු                          
- අසති මොවුනගෙ                         චාටු
මොවුන්ටම ඔට්ටු                      
- දනෝ කෙඳිනක වේද                 මට්ටු
රේස් එකකුත් ඇත                     
- දුවන ජනතාවක්                          ඇත
විනිසුරුවරුද ඇත                      
- දිනුම් කනුවක් කොහේවත්         නැත


රටට හෙන ගැහෙනා                
- බවක් ගැන නොම                   දක්නා
ජනයින් දකිමිනා                       
- අහෝ ආපසු මමත්                හැරුනා
එතකොට ම වාගේ                   
- සිහිවිය ඩියුටි                        මාගේ
කෑම පැය බාගේ                      
  - කරගනිමි මම එකයි                බාගේ


ඉහල සිට පහලට                      
- හොරකම කරන හැමහට
පෙන්ෂන් ලබන විට                  
- ලැබෙන ඉරණම දුකයි කීමට

ඉන්දික හිරිමුතුගොඩ

No comments:

Post a Comment