ගමේ සතුරෝ ය - දුටුවොත් වෙඩිකා ය
අතකින් වරෙන්තුව - දසතින් පොලීසිය
සිතේ සිත් ගාය - වැඩි වුණොත් වස කාය
මරණ තුනක් වෙනුවට ලද ජීවිතය
සිකුරු දොසට වැහි අකුණුත් සුව දෙන්නේ
ගොදුරු සැටක් කෑ වලසෙකි පැණි කන්නේ
පාරු වලක කොහොමද ලොකු නැව් යන්නේ
වාරු නැති කලට පවමයි ඵල දෙන්නේ
කොහිල වලේ කටු නැත කිඹුලොයි ඉන්නේ
වැසි කාලේ ගෙට නාවොත් ලෙඩ වෙන්නේ
තෝර මලේ රොන් නැත බඹරුත් දන්නේ
පැය කාලේ ගමන තත්පරයෙන් යන්නේ
මලේ නටුව මල කන දළඹුගේ පිහිටයි
කැලේ ගහට කෙටුවේ එහි අත්තක්මයි
ගලේ කෙටුව අකුරුත් දවසක පුස් කයි
වැලේ කැකිරි වැල මළ පසු වැට ඉල්ලයි
ගමට සැපත ගම කන උන් රට යාම
රටට සැපත මී හරකුන් ගස් යාම
ලොවට සැපත එලොව මෙලොව නැති වීම
කුමට සැපත දුක නම්, සැප වැඩි වීම
No comments:
Post a Comment