කුරුළු
ලොව සුන්දරයි -
කපුටෝ
ඔයා නැත්නම්
උස
පොල් ගසක් පාමුල
කළුගල්
ගොඩක් අභියස
බිම
තැබූ තැටියක
බත්
හුළු රැසකි ඇත්තේ.....
මලිත්තන්
- බටිත්තන්
මයිනන්
සමඟ ලේනුන්
වරින්
වර අහුලද්දී
තැටියේ
දැමූ බත් ඇට......
කොරවක්
පැටියෙක් ද
ලං
වුනා හෙමිහිට
අවුල්
වියවුල් කිසිත්
නැති
මේ කුරුළු පිරිසේ
කොරවක්
පැටියටත්,
ලැබුනා
පොඩි ඉඩක් - තැටියේ
මාරුවෙන්
- මාරුවට
බත්
හුළු අවුලමින්,
අහිංසක
කුරුළු කැල
කුස
ගිනි නිවාලද්දී,
කොහේ
දෝ සිට
පියාඹා
ආ කාකයෙක්
තැටියට
හොට හෙලා
බත්
ඇටද අවුස්සා
ඒත්
මදිවී
හොටින්
ඇන විසුරුවා
තැටියද
නොපිට පෙරලා
කළේ
නම් නොමනා වැඩක්මය....
කෑ
මුත් අනුන්ගේ මස්
නුඹේ
මස් කෑමට
කිසිවෙකුත්
නොමැති බව
තේරුම්
ගන්නවත්,
අනේ
කපුටෝ ! උඹට හැකිවෙද?
දයා
කාරියවසම්
No comments:
Post a Comment