සංවිධානය - ප්‍රධාන ලේකම් කාර්යාලයේ එකමුතු කවය
දිනය - 2013 ඔක්තෝබර් 01 (ජාත්‍යන්තර වැඩිහිටි ළමා දිනය)
දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ එකමුතු කවය මගින් 2013-10-01 දිනට යෙදුනු ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිති කොටගෙන සමාජ සත්කාරක ව්‍යාපෘතියක් දියත් කිරීමට අදහස් කල අතර එහිදී රුහුණු රිදියගම නිවර්තන නිවාසය පිළිබඳව අවධානය යොමු කරන ලදී.
දකුණු පළාත් සමාජ සේවා අමාත්‍යාංශය හා සමාජසේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රැඳවුම් කඳවුරක් ලෙස නෛතිකව ආරම්භ කරන ඇති මෙම නිවර්තන නිවාසයට බැහැරින් ඉතා අඩු අවධානයක් යොමු වන බැව් සොයා බැලීමේදී අපට නිරීක්ෂණය විය. වෙනත් බොහෝ වැඩිහිටි නිවාස හා ළමා නිවාස පිළිබඳව යම් මහජන අවධානයක් යොමු වුවද මෙම රැඳවුම් කඳවුර පිළිබඳව පවතින නෛතික සීමාවන් හේතුවෙන් බාහිරින් ආධාර උපකාර නොලැබෙන බවද පැහැදිලි විය.
එමෙන්ම අධිකරණ නියෝග මත රඳවා තැබෙන හෙයින් ද රැඳවියන් ගේ තොරතුරු හා ආයතනයේ අවශ්‍ය අභ්‍යන්තර තොරතුරු වල ආරක්ෂාව පිළිබඳව බෙහෙවින් සැලකිලිමත් වන හෙයින් ද මාධ්‍ය මඟින් මෙම ආයතනය පිළිබඳ වාර්තාවීමක් සිදු නොවේ.
කෙසේ වුවද එම අසරණ මිනිසුන් මෙම සමාජයෙහිම කොටසක් වන බැවින් ඔවුන් වෙත සමාජ අවධානය යොමු කිරීම හා අවශ්‍ය ආධාර උපකාර ලබා දීමට දැනුවත් කිරීම එම පිරිස පුනරුත්ථාපනය කිරීමේ කාර්යය සඳහා අවශ්‍යයෙන්ම සිදුවිය යුත්තක් බව ද අපගේ නිරීක්ෂණයට ලක්විය.
මේ නිසා අප එකමුතු කවය විසින් මෙම ආයතනයට අවශ්‍ය ආධාර පිළිබඳව විමසා දකුණු පළාත් ප්‍රධාන ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරළ මැතිනිය ප්‍රධාන සමස්ථ කාර්යය මණ්ඩලයේ මූල්‍යමය, ද්‍රව්‍යමය හා ශ්‍රම දායකත්වයෙන් ඒවා එක්රැස් කිරීමටත්, ඉන්පසු ආයතනය වෙත ගොස් එම ද්‍රව්‍ය රැඳවියන් වෙත පරිත්‍යාග කිරීම සඳහාත් කටයුතු සංවිධානය කරන ලදී.
අප විසින් කල කෙටි ඉල්ලීම අනුව ප්‍රධාන ලේකම් කාර්යාලයේ නිලධාරී මණ්ඩලය මේ සඳහා සුවිශාල දායකත්වයක් සැපයූ අතර කෙටි කාලසීමාවක් තුල රෙදි පිලි හා ඇඳුම් පැලඳුම් විශාල ප්‍රමාණයක් හා සබන්, පැනඩෝල්, ඩෙටෝල්, පනා, කණ්නාඩි, ප්ලාස්ටර්, ගෝස්, ආදී ද්‍රව්‍ය ද පරිත්‍යාග වශයෙන් ලබා ගැනීමට හැකිවිය.
ඔක්තෝබර් 01 දින අප එකමුතු කවයේ සාමාජික සාමාජිකාවන්, සෙසු කාර්ය මණ්ඩලයේ පිරිසක් ද කැටුව නිවර්තන නිවාසය වෙත ලඟාවූයේ රැස්කරගත් සියලු ආධාර ද්‍රව්‍ය ද සමඟිනි.
නිවර්තන නිවාසයේ අධිකාරී මහනිද විජේසිංහ මහතා අපව සාදරයෙන් පිලිගත් අතර ආයතනය පිළිබඳව කෙටි හැඳින්වීමකින් අනතුරුව ආධාර පිළිගැන්වීම සඳහා අපට ඇරයුම් කලේය.
ඒ අනුව නිවර්තන නිවාසයේ රැඳවියන්ගේ ගොවිපලවල් හා වගා භූමි වල නිරීක්ෂණ සංචාරයක් සඳහ අපට අවසර ලබාදුන් අතර අප රැගෙන ගිය සෙරෙප්පු හා සමහර ආධාර ද්‍රව්‍ය එම අවස්ථාවේදීම පරිත්‍යාග කිරීමට අපට අවස්ථාව උදාවිය.
පුනරුත්ථාපනය වන රැඳවියන්ගෙන් ඒ ඒ අයගේ යෝග්‍යතාවය අනුව විවිධ කාර්යයන් සඳහා යම් යම් පිරිස් යොදවා ඇති බව අනාවරණය විය.
මුලුතැන්ගෙය හා ආහාර ද්‍රව්‍ය සූදානම් කිරීමේ කටයුතු ද ආයතනය පවිත්‍රව තබා ගැනීමේ වගකීම, ආයතන පරිශ්‍රය අලංකාර ලෙස පවත්වා ගැනීම මෙන්ම රැඳවියන්ගේ රැවුල් හා කොණ්ඩා කැපීම පවා ඒ ඒ අය විසින් ඉටුකරන අයුරු අපට දක්නට ලැබුණි.
වගාබිම් සකස්කර විවිධ බෝග වර්ග වගා කිරීමට ද කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර එම පිරිස නිරන්තරයෙන් සිය වගාබිම් වල සේවය කරමින් මැනවින් පවත්වාගෙන යන බවට එම සාර්ථක වගාබිම් සාක්ෂි දරයි. අප සංචාරය කල දිනය වියලි කාලගුණයක් පැවති අවධියක වුවද වගාබිම් වල පැවතියේ සරුසාර සශ්‍රීක ස්වරූපයකි.
පීඩාකාරී පරිසර තත්ත්වයන්ට මුහුණ දෙමින් ගොවිපලවල වෙහෙසෙන විවිධ මානසික මට්ටම් වල මෙම ශ්‍රමිකයන් අප පරිත්‍යාග කල ඇඳුම් හා සෙරෙප්පු ලැබීමෙන් විශාල තෘප්තියක් ලද බව අපට පෙනුනි.
රැඳවියන් සමඟ සිටි කුඩා දරුවන් තමන්ට ලැබුණු ත්‍යාගයකින් අතිශය ප්‍රීතිමත්ව සිටි අයුරු හා සෙසු රැඳවියේ අප අසල ගැවසෙමින් වචනයෙන් හා හැකි පමණින් ඉරියවු වලින් අපට ස්තුති කිරීමට යුහුසුලු වූ අයුර බෙහෙවින් සිත් කම්පා කල අත්දැකීමක් විය.
කෙටි කාලසීමාවක් තුල හැකි පමණින් එක්රැස් කරගත් ආධාර ප්‍රදානය කිරීම තුලින් මේ රැඳවියන් සමඟ, ඔවුන් අතර සුලු කාලසීමාවක් ගතකර ඔවුනට අත්කරදුන් සුවය අගයනු වස් අපට පුණ්‍යානුමෝදනා කිරීමට ද ඔවුහු කෘතගුණ පූර්වක වූහ. එක් වැඩිහිටි රැඳවියකු සියල්ලන්ම පංචශීලයෙහි පිහිටුවා පුණ්‍යානුමෝදනා කල අතර අධිකාරී මහින්ද විජේසිංහ මහතා මෙම සත්ක්‍රියාව අගයමින් දකුණු පළාත් ප්‍රධාන ලේකම්තුමිය ප්‍රධාන කාර්ය මණ්ඩලය සිය ස්තුතිය පුදකරන ලදී.
එකමුතු කවයේ අප සහෘද කාර්ය මණ්ඩලයටත්, දකුණු පළාත් ප්‍රධාන ලේකම්තුමිය ප්‍රධාන කාර්ය මණ්ඩලයටත්, ආයුර්වේද කොමසාරිස්තුමන්, වක්වැල්ල කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේ අධ්‍යක්ෂතුමන් ද, සීමා සහිත ද සැම්සන් ඉන්ඩස්ට්‍රීස් සමාගම හා ශ්‍රීපාලි කන්ස්ට්‍රක්ෂන්ස් ආයතනයට ද විශේෂ අනුග්‍රහයන් ලබා දුන් සැමටත් අපගේ ස්තුතිය පුද කර සිටිමු.
No comments:
Post a Comment