විගණන විමසුම් - කාර්යය උපදෙස්


කාර්යය උපදෙස් අංකය :- WIM/ACC/10
අංශය  - ගිණූම්
වගකීම්  - විෂය භාර නිලධාරී (6/6)

අනු අංකය
පියවර
භාවිතා වන ලිපිලේඛන
සැලකිය යුතු කරුණු
01.
විගණන විමසුම් වලට පිළිතුරු සැපයීම.
*    විගණන විමසුම් ලේඛනය
*    ඒ ඒ විගණන විමසුමට අදාල ලිපිගොණුව
*  විගණන විමසුමට පිළිතුරු අදාල එක් එක් අංශයන්ගෙන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම. එසේ ලබා ගත් තොරතුරු ආශ්‍රයෙන් විගණන විමසුමට අදාල පිළිතුරු නොපමාව යැවීමට කටයුතු කිරීම.
02.
අංක 03 ව්‍යාපෘතියට අදාල අතිකාල වවුචර්පත් පරික්ෂා කිරීම.
*  අතිකාල අනුමැතිය ගොනු කරන ලද ලිපිගොණුව
*  අතිකාල ලේඛනය
*     අතිකාල ගෙවීම් වවුචරයේ (පොදු 35 අ) ගෙවීම ලබන්නාගේ නම, වැටුප, අනුමත පැය ගණන, පැයකට අතිකාල ගාස්තුව මුදල හා ගෙවීම් ලබන්නාගේ අත්සන ආදිය නිවැරදිව සටහන්ව තිබේද, අතිකාල ‍සේවයේ යෙදීමට මුදල් රීති අනුව බලය දී තිබේදැයි පරික්ෂා කිරීම. එසේම අදාල අංශ භාර නිලධාරී විසින් ගෙවීම අදාල මුද්‍රාව තබා නිර්දේශ කර තිබේද යන්න පරික්ෂා කිරීම. තවද, අදාල මුද්‍රාව තබා ගෙවීම අන්මත කර තිබේදැයි පරික්ෂා කිරීම.
03.
ප්‍රධාන ලේකම් කාර්යාලයේ සියළුම ගමන් වියදම් වවුචරපත් පරික්ෂා කිරීම.
*    ගමන් වියදම් සම්බන්ධ ලිපිගොනුව
*    ගමන් වියදම් ලේඛනය
පොදු 177(ගමන් වියදම් ලගවීමට අදාල වවුචරය) නිවැරදිව සම්පූර්ණ කර තිබේද යන්න , රාජකාරී ගමන ගිය දිනය, පිටත් වූ වේලාව හා ස්ථාන සඳහන් කර තිබේද, දින දින 03 කට වැඩි කාලයක් ගමන සඳහා ගත කර ඇත්නම් තාවකාලික නවාතැනේ ලිපිනය සඳහන්ව තිබේද, රාජකාරී නිවාඩු ඒ සඳහා අනුමත කරගෙන තිබේද, පුහුණු වැඩසටහන් වලට සහභාගී වූයේ නම් පැමිණීමේ සහතිකය වවුචරයට අමුණා තිබේ දැයි පර්ක්ෂා කිරීම, ගමන නිම වූ දින සිට වවුචරය ඉදිරිපත් කරන ලද කාලය සැලකිල්ලට ගෙන ආයතන සංග්‍රහයේ XIV වැනි පරිච්ඡේදයේ 28.6 අනුව ප්‍රමාද ගාස්තු අඩු කිරීම.





No comments:

Post a Comment