හිරු අවරට යද්දී
ඈත කඳු යාය හිරු ගිල දැමීමට
වෙර දරද්දී
විහඟ කැල උනුන් ගේ කැදලි කරා
පිය නගද්දී
ගන අඳුර මුළු ගතම වෙලා ගනිද්දී
උදාවන හෙට දවස ගැන
කෙතරම් සිහින
මවන්නෙමුද.........................?
අරුණලු නැග එන හිමිදිරිය
කෙතරම් නම් පියකරුද
කරන්නට දේ බොහෝය
යා යුතු මඟ දුරය
මේ සියල්ල හෙට දවස ජය ගැනීමට
නොවේද...............................?
එසේ නම් සබඳ ජය ගනිමු හෙට දවස
තනිව නොව සැම එක්ව......!
එස්.පී. කාරියවසම්
No comments:
Post a Comment