නපුරු සිතුවිලි
නමෝ නමෝ මාතා
තනුව හදි නොවන
සිංහල ගීත
අතලොස්සෙන් එකක්
කොහොම වුනත්
මේක අපේම රටේ
ජාතික ගීය නෙව
හරිම බල
සම්පන්න රිදම් එකක්
ඇහෙන කොටත්
මෝහනය වෙනවා වගේ
උදේට උදේට මේක
ඇහෙත්දි
හැමදාමත් අපි
ඔහේ හිටියා
හිස් බැල්මකින්
පුරුද්දට වාගේ
ඉස්සරහ බලාගෙන
ඒත් අද
ඇතිවුනේ අමුතු
හැඟීමක්
මගේ හිතේ ජාති
ආලේ වෙන්න ඇති
දේශප්‍රේමයක් ද
දන්නෙත් නෑ
මතකනේ ඕකෙන්
වෙච්ච දේවල්
‘නොමග නොයන් පුතේ
නුඹට රටක් ඇතේ"
ඒත්
රටම උන්ගෙ අතේ
අපට තැනක් නැතේ’
මුන්ටත් පහල වන
හැඟීම් අම්මප ....
ජාතික ගීය
ඇහෙනකොට
වැඩිය අනංමනං
හිතන්න නරකයි
එක එක ප්‍රේමවල්
ජාති-ආල
ඊට පස්සේ -
සමහරවිට - වෛර ක්‍රෝධ
ඊටත් පස්සේ
පාලනය කරන්න බැරි ආවේග
මොනව වෙයිද
කවුද දන්නේ
දෙයියනේ කියලා
ඒක ඔහෙ වාදනය
වුනාදෙන්
අර හිස් බැල්ම
ඇඟට ගුණයි.....
මොකටද ලේ
පුච්චගන්නේ
ඔහොම යං ඔහොම
යං
නමෝ නමෝ මාතා.......
ජාතික ගීයත්
ඉවරවුනා නොදැනීම
වෙන සිංදුවකුත්
පටන් අරන්
සද්ද නැතිව
වාඩිවෙලා පත්තරේ ගත්තා අතට
“අඹන්වෙලට ඇසිඩ් ගහලා ලු”
දේශප්‍රේමය....!
ඇත්තටම ප්‍රශ්නයක්
තමයි ඔය කාට කාටත්......
ඉන්දික හිරිමුතුගොඩ
No comments:
Post a Comment