පරිගණකගත මන්ත්‍රී ප්‍රතිපාදන වැඩසටහන

හැඳින්වීම
ඉසුරු කවය නිරන්තරයෙන් සේවාලාභීන් උදෙසා කැපවී සිටින අතර, ගැටළු අවම කිරීමට සහ කාර්යක්ෂමතාව ඉහල නැංවීමට නව අදහස් නිරතුරුවම ක්‍රියාවට නැංවීමට කටයුතු කරයි.
ඒ අනුව 2016.04.27 දින පැවති කව රැස්වීමේදී, කව අනුශාසකතුමිය වන ගණකාධිකාරී සී.ඩී. වීරසිංහ මහත්මිය විසින් සියළුම කව සාමාජිකයන් එදිනෙදා තම විෂය රාජකාරී ඉටුකිරීමේදී මතුවන ප්‍රධාන ගැටළුවක් නිරාකරණය කිරීම සම්බන්ධයෙන් ව්‍යාපෘතියක් සකස් කළ යුතු බවත්, එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමෙන් සේවා ලාභීන්ට හා සේවා සපයන්නන්ට පහසුවෙන් හා ඉක්මණින් තම සේවා අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි විය යුතු බවත් දක්වන ලදී.
ඒ අනුව දැනට පවත්වාගෙන යන මන්ත්‍රී ප්‍රතිපාදන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටළු හඳුනාගෙන, ඒවා නිරාකරණය වන පරිදි අදාල වැඩසටහන වැඩිදියුණු කර CMAP ලෙස හඳුන්වා දීම සඳහා මෙම වැඩසටහන සකසන ලදී.
ඉසුරු කව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.

1.     ගැටළු හඳුනා ගැනීම.
2.     ගැටළු ප්‍රමුඛතාකරණය.
3.     ගැටළු විශ්ලේෂණය.
4.     විකල්ප විසඳුම් ජනනය.
5.     විකල්ප විසඳුම් ඇගයීම.
6.     ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
7.     ව්‍යාපෘති ඇගයීම.
8.     සම්මතකරණය.
9.     ස්වයං ඇගයීම හා අනාගත සැලසුම්.

ගැටළු හඳුනා ගැනීම.

අංශයේ පවතින ගැටළු හඳුනාගෙන කව මට්ටමින් ඒවාට විසඳුම් ලබා දීමටත් ආයතනයේ ක්‍රියාවලි වැඩි දියුණු කිරීමට කයිසෙන් යෝජනා ලබාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී.
ඒ අනුවඉසුරු කවයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මාසික කව රැස්වීමේදී බුද්ධි කලම්භනය උපයෝගී කර ගනිමින් විසඳුම් ලබා දිය යුතු ගැටළු හඳුනා ගන්නා ලදී. මෙය අපගේ එක් ගැටළුවක් පමණි.

බුද්ධි කලම්භනයෙන් හඳුනා ගත් ගැටළු.......

·        අප අංශයේ ඉදිරිපත් වන වවුචර් සඳහා ගෙවීම් ප්‍රමාද වීම.
(ගැටළුව ඉදිරිපත් කිරීම - ජයනාත් මයා.)
·        අංශය තුලට පැමිණෙන සේවාලාභීන්ට සපයා ඇති ආසන සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම.
(ගැටළුව ඉදිරිපත් කිරීම - ශානිකා වික්‍රමනායක මිය.)
·        අංශය තුල බාහිර ක්‍රියාකාරකම් අඩුවීම මත අංශයේ සාමාජිකයින්ගේ එකමුතු බව අඩුවීම.
(ගැටළුව ඉදිරිපත් කිරීම - බන්දුවතී මිය.)
·        අංශය තුල නිලධාරියෙකු නිවාඩු ගත් විට එම රාජකාරිය සිදුකිරීම ප්‍රමාද වීම.
(ගැටළුව ඉදිරිපත් කිරීම - සුරංජි දේනුකා මිය.)
·        ප්‍රධාන ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ දෛනික වැඩ කාලය තුල මානසික ආතතිය කළමණාකරනයට පියවර ගැනීම.
(ගැටළුව ඉදිරිපත් කිරීම - රිද්මා මෙය.)

ගැටළු ප්‍රමුඛතාකරණය
කව සාමාජිකයන් අතර බුද්ධි කලම්භනය මඟින් හඳුනාගත් ගැටළු ප්‍රමුඛතාකරණය සඳහා ප්‍රගණන වගු ක්‍රමය භාවිතා කරන ලදී .
ඒ අනුව පහත ප්‍රගණන සටහන මඟින් දක්වා ඇත්තේ කව සාමාජිකයන්ගේ අදහස අනුව හඳුනාගත් ගැටළු සඳහා ඔවුන් විසින් ලකුණු ලබා දී ඇති ආකාරයයි.
එක් එක් සාමාජිකයන්ගේ ඔවුන්ගේ කැමැත්ත පරිදි ගැටළු දෙකක් සඳහා ලකුණු ලබා දෙන ලෙස දන්වන ලදී.


හඳුනාගත් ගැටළු
ප්‍රගණන සටහන
ලකුණු ප්‍රමාණය
ලකුණු ප්‍රතිශතය

1.

අප අංශයේ ඉදිරිපත් වන වවුචර් සඳහා ගෙවීම් ප්‍රමාද වීම.

IIIII IIIII II
12
42.8%

2.


අංශය තුලට පැමිණෙන සේවාලාභීන්ට සපයා ඇති ආසන සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම.

IIIII

5
17.9%

3.

අංශය තුල බාහිර ක්‍රියාකාරකම් අඩුවීම මත අංශයේ සාමාජිකයින්ගේ එකමුතු බව අඩුවීම.


III

3
10.8%

4.

අංශය තුල නිලධාරියකු නිවාඩු ගත් විට එම රාජකාරිය සිදු කිරීම ප්‍රමාද වීම.

II
2
7.1%

5.

ප්‍රධාන ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ දෛනික වැඩ කාලය තුල මානසික ආතතිය කළමණාකරනයට පියවර ගැනීම.

IIIII I
6

21.4%


එකතුව

28
28
100%

ඉහත ප්‍රගණන වගුවෙන් ලද දත්ත පදනම් කරගෙන වඩාත් ප්‍රමුඛ වූ ගැටළුව සොයා බැලීම සඳහා ප්‍රස්ථාරයක් නිර්මාණය කරන ලදී.
ඒ අනුව නිර්මාණය කරන ලද ස්ථම්භ ප්‍රස්ථාරය පහත දක්වා ඇත.

ප්‍රමුඛ වූ ගැටළුව සොයා බැලීම සඳහා නිර්මාණය කරන ලද වට ප්‍රස්ථාරය.


නිර්මාණය කරන ලද ප්‍රස්ථාරය බැලූ විට අංක 01 ගැටළුව ප්‍රමුඛතාව වී ඇති බව පෙනී යයි.
එබැවින් එම ගැටළුව ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා අතර එම ගැටළුව විශ්ලේෂණය කිරීම සිදු කරන ලදී.
ගැටළු විශ්ලේෂණය

මෙහිදී 5 why සංකල්පය යොදා ගැනිණි.
ඒ සඳහා කරන ලද විශ්ලේෂණය පහත පරිදි වේ.

Ø  අංශය තුල වවුචර් සඳහා ගෙවීම ප්‍රමාද වන්නේ ඇයි?
නියමිත වේලාවට වවුචර් නොලැබීම.

Ø  එවැනි අවස්ථාවක වවුචර් ලැබීම ප්‍රමාද වන්නේ ඇයි?
නිසි පරිදි වවුචර් සම්පූර්ණ කර නොතිබීම.

Ø  එසේ වවුචර් අසම්පූර්ණ වන්නේ ඇයි?
නිලධාරීන් දැනුවත් නොවීම.

Ø  ‍‍එසේ නම් නිලධාරීන් නොදැනුවත් ඇයි?
සියළු නිලධාරින්ට විෂය දැනුම නොමැති වීම.

Ø  එසේ නම් නිලධාරීන් දැනුවත් කරන්නේ ඇයි?
වවුචර් නිසි පරිදි ඉදිරිපත් කිරීම සඳහා.

විකල්ප විසඳුම් ඇගයීම

විකල්ප විසඳුම් ජනනය සඳහා පියවරේදී වසඳුම් කිහිපයක් යෝජනා වූ අතර ඒවා අතරින් ක්‍රියාත්මක කල යුතු හොඳම විසඳුම් තෝරාගෙන සාමාජිකයන්ගෙන් මනාපය විමසන ලද අතර එහිදී ලද පිළිතුරු පහත අනුව වේ.


විසඳුම

ප්‍රගණන සටහන
ලකුණු
ප්‍රතිශතය
1.

වවුචර් නියමිත වේලාවට ලැබීමට නිලධාරීන් දැනුවත් කිරීම.

III
3
15
2.

වවුචර් ඉදිරිපත් කිරීම සඳහා නියමිත ක්‍රමවේදයක් සකස් කිරීම.

I
1
5
3.

පෙ.ව. 11ට පෙර වවුචර් අංශය වෙත ලැබීමට නිලධාරීන් දැනුවත් කිරීම.

II
2
10
4.

වවුචර් පිරවීම පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම.

II
2
10
5.

සම්මතකරණ ලද ගෙවීම වවුචර් ආකෘති සෑම අංශයකටම දැනුම් දීම.

IIIII IIIII II
12
60




20


100%
මෙම ප්‍රගණන වගුව උපයෝගී කරගෙන එම දත්ත විශ්ලේෂණය කර බැලීමට ස්ථම්භ ප්‍රස්ථාරයක් සකසන ලදී.

                           


මෙම ස්ථම්භ ප්‍රස්ථාරය අනුව විසඳුම් අංක 05 උචිත බව පැහැදිලි වේ.

ව්‍යාපෘතියේ අරමුණ
දැනට පවතින පරිගණක වැඩසටහනෙහි පවතින අඩුපාඩු හඳුනාගෙන ඒවාට විසඳුම ඉදිරිපත් කරමින් (CMAP) වැඩසටහන වැඩි දියුණු කර ගනිමින් වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් යුතු සේවාවක් ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

වැඩසටහන මඟින් ක්‍රියාත්මක වන ප්‍රධාන කාර්යය
Ø  දකුණු පළාත් සභා සංවර්ධන සැලැස්ම යටතේ ගරු දකුණු පළාත් සභා අමාත්‍ය/මන්ත්‍රීවරුන්ගේ අනුමත වැඩයෝජනා සඳහා ප්‍රතිපාදන හා අක්මුදල් නිදහස් කිරීමේ කාර්යය ඉතා ක්‍රමවත්ව, නිවැරදිව හා කාර්යක්ෂමව ඉටු කිරීම.

අනෙකුත් කාර්යයන්
v ලැබී ඇති අනුමත වැඩයෝජනා වල සාරාංශයක් ලබා ගැනීම හා පරීක්ෂා කිරීම.
v අනුමත වී ඇති වැඩයෝජනා සඳහා ප්‍රතිපාදන හා අක්මුදල් නිදහස් කළ ප්‍රමාණයන් පිළිබඳ සැසඳුමක් ලබා ගැනීම.
v එක් එක් අමාත්‍ය/මන්ත්‍රීවරුන් සඳහා ව්‍යාපෘති වෙනුවෙන් අක්මුදල් ලබා දීම පිළිබඳ දැනුම් දීමේ සාරාංශ ලිපි සැකසීම.
v සියළුම අමාත්‍ය/මන්ත්‍රීවරුන් සඳහා නිදහස් කරන ලද අක්මුදල් පිළිබඳ සමුච්චිත වාර්තාවක් ලබා ගැනීම හා සැසඳීම.
v අවලංගු කරන ලද වැඩයෝජනා වල වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව අදාල ආයතන මඟින් නැවත එම අක්මුදල් ගෙන්වා ගැනීමට කටයුතු කිරීම.
v අක්මුදල් බැංකුගත කිරීමේ ලිපියක් නිර්මාණය වීම.
v ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත ලැබී ඇති අනුමත වැඩයෝජනා ලැයිස්තුව සැලසුම් ලේකම් කාර්යාලයේ තොරතුරු සමඟ සැසඳීම.
v කළමණාකරන දත්ත පද්ධතියක් ලෙස ක්‍රියා කරමින් ඉහළ කළමණාකරනය වෙත දත්ත සැපයීම.

ගැටළු හා ඒ සඳහා විසඳුම්
1)     දකුණු පළාත් සැලසුම් ලේකම් කාර්යාලය මඟින් ලැබෙන අනුමත ලිපි වැඩසටහනට ඇතුළත් කළ පසු අදාළ අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුමත වී ඇති ප්‍රතිපාදන වෙනුවෙන් අක්මුදල් නිදහස් කිරීම සඳහා, ගිණුම් හා ගෙවීම් අංශයෙන් අක්මුදල් ලබා ගැනීමට අක්මුදල් අයදුම් පත්‍රයක් පරිගණක වැඩසටහන මඟින්ම ලබා ගැනීමට හැකි වන පරිදි වැඩසටහන වැඩිදියුණු කිරීම.

v දැනට පවතින වැඩසටහන මඟින් අදාල කාර්යය ඉටු කර ගැනීමට නොහැකි වීම නිසා අමතර කාලයක් ඒ සඳහා වැය කිරීමට සිදු වේ. එමඟින් සේවාවේ කාර්යක්ෂමතාවය අඩු වේ.

2)     අනුමත ලිපි සඳහා අක්මුදල් ලබා ගැනීම වෙනුවෙන් අදාල අමාත්‍යාංශ/දෙපාර්තමේන්ත හා ප්‍රාදේශීය කාර්යාල සඳහා වැඩයෝජනා පෙළගස්වා ලබා ගන්නා සාරාංශය සඳහා අක්මුදල් හා චෙක් අංක සටහන් කිරීමේදී ව්‍යාපෘතිය අංක අනුව වෙන වෙන අක්මුදල් හා චෙක් අංක ඇතුළත් නොකොට එක් එක් ආයතනය සඳහා අනුමත ව්‍යාපෘති සියල්ල වෙනුවෙන් එක්වරම අක්මුදල් හා චෙක් අංක ඇතුළත් කිරීමට ක්‍රමයක් යෝජනා කිරීම.

v ඒ සඳහා වැඩසටහනෙහි ඇතුළත් ආයතන සඳහා අංක ක්‍රමයක් ලබාදී අදාල වැඩයෝජනා ඇතුළත් කළ දිනට අදාලව සියළු වැඩයෝජනා සඳහා වෙන වෙනම ආයතන මට්ටමින් පමණක් චෙක් අංක ඇතුළත් කිරීමෙන් පසුව ස්වයංක්‍රීයව අක්මුදල්, චෙක් අංකය හා අක්මුදල් නිදහස් කිරීමේ මුද්‍රිත ලිපිය සඳහා ගලපා ගැනීම.

3)     ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා අක්මුදල් නිදහස් කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල 47 සඳහා වෙන වෙනම චෙක්පත් ලිවීමට සිදු වීමෙන් විශාල චෙක්පත් ප්‍රමාණයක් නිකුත් කිරීමට සිදු වීම හා ඊට අදාල කාර්යයන් සඳහා අමතර වේලාවක් ගත වීම හේතුවෙන් අක්මුදල් නිදහස් කිරීම් කටයුතු ප්‍රමාද වීම සිදු වේ.

v ඊට අදාලව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල සඳහා අදාල අක්මුදල් බැංකු ගිණුමකට බැර කර ප්‍රතිපාදන නිදහස් කිරීමේ ලිපිය පමණක් අදාල කාර්යල වෙත යැවීම මඟින් උක්ත ගැටළුව වලක්වා ගත හැකි වීම.

4)     අනුමත වැඩයෝජනා (CMAP) පරිගණක වැඩසටහනෙහි ඇතුලත් කළ පසු එක් එක් අමාත්‍ය/මන්ත්‍රීතුමන්ලාගේ අක්මුදල් නිදහස් කළ වැඩයෝජනා හා දැනට ලැබී ඇති අනුමත වැඩයෝජනා වලින් අක්මුදල් නිදහස් නොකරන ලද වැඩයෝජනා වල සාරාංශයක් ලබා ගැනීමට හැකි වන පරිදි වැඩසටහන වැඩිදියුණු කිරීම.

5)     අක්මුදල් නිදහස් කිරීමෙන් පසුව අදාල අමාත්‍ය/මන්ත්‍රීතුමන්ලාට SMS කෙටි පණිවුඩයක් මඟින් අදාල වැඩයෝජනාව සඳහා අක්මුදල් නිදහස් කළ බවට දැනුම් දීම මඟින් සන්නිවේදන දුර්වලතා මඟහරවා ගත හැකි වීම. එසේම ලිපි මඟින් අදාල තොරතුරු දැනුම් දීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කරගත හැකි වීම හා තැපැල් ගාස්තු මෙන්ම මුද්‍රිත කඩදාසි සඳහා වන නාස්තිය විශාල වශයෙන් අවම කරගත හැකි වීම.


No comments:

Post a Comment