පළාත් සභා
නූතනයේ වඩාත් කතාබහට ලක් වී ඇති මාතෘකාවක් වශයෙන් අපට
මෙය පෙන්වා දිය හැක. විශේෂයෙන් නැගෙනහිර පළාත ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමත් සමඟම
පළාත් සභා යන මාතෘකාව අද ජනප්‍රියත්වයට පත්ව තිබේ.
උතුරු
නැගෙනහිර පවතින්නා වූ ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කිරීමේ පදනමක් වශයෙන්
පළාත් සභා ක්‍රමය භාවිතයට පැමිණි බව පැහැදිලිය. එසේම පළාත් සභා ක්‍රමයට මූලික
පසුබිම ඉන්දු-ලංකා ගිවිසුම තුළින් ඇති විය.
වර්තමාන
1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පළාත් සභා පිහිටුවනු ලැබීය. XVII (අ) පරිච්ඡේදය තුළ 154(අ) 1 වගන්තිය මඟින් පළාත් සභා
පිහිටුවීම සිදු කරනු ලැබීය.
පළාත් සභා සම්බන්ධයෙන් මූලික නීති දෙකක් පාර්ලිමේන්තුව
අනුමත කර ඇත.
1.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
2.
1987 අංක 42 දරන පළාත් සභා පනත
පළාත් සභා පිහිටුවීම තුළ මධ්‍යම ආණ්ඩුව සතු ව්‍යවස්ථාදායක,
විධායක හා අධිකරණ යන ත්‍රිවිධ බලතල පළාත් සභා වෙත බෙදා හැරීමක් සිදු කර ඇත. ජනතාවට
රටේ පවත්නා පාලන බලතල සමීපකර වීම මේ තුළින් සිදු වී ඇති වඩාත් වැදගත් තත්වයක් ලෙස
පෙන්වා දිය හැකිය.
ආණ්ඩුකාරවරයාගේ පත් කිරීම පළාත් සභා ව්‍යුහය තුළ වඩාත්
සුවිශේෂී ස්ථානයක් ගනු ලැබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(ආ)හි 2වන වගන්තිය
ආණ්ඩුකාරවරයා පත් කිරීම සම්බන්ධව විධිවිධාන සලස්වයි. ජනාධිපතිවරයා විසින් අධිකාර
පත්‍රය මඟින් ආණ්ඩුකාරවරයා පත් කරනු ලබන අතර ජනපති ප්‍රසාදය ඇති තාක් සිය ධූරය
දරනු ලබයි.
චේතනාන්විත ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිම,
බලතල අනිසි ලෙස භාවිතා කිරීම, අල්ලස හෝ වෙනත් විෂමාචාරයක් තුළ ආණ්ඩුකාරවරයා
ඉවත්කරන ලෙස ජනාධිපතිට උපදෙස් දෙන යෝජනා සම්මතයක් පළාත් සභාවේ නොපැමිණි මන්ත්‍රීන්
ද ඇතුලුව 2/3ක මන්ත්‍රීන් පිරිසකගේ යෝජනාවක් ලෙස ජනාධිපතිට ඉදිරිපත් කළ හැක.
පළාත්
සභාවට ප්‍රධාන අමාත්‍යවරයෙක් ද වන්නේය. යම් පළාතක පරිපාලනයට සම්බන්ධ පළාත් අමාත්‍ය
මණ්ඩලයේ සියළුම තීරණ ආණ්ඩුකාරයාට දැනුම් දීමට පරිපාලනයට සම්බන්ධ අදාල යෝජනා වලට
ආණ්ඩුකාරයා ඉල්ලනු ලබන තොරතුරු ලබා දීම ආදිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ
කාර්යයභාරය වන්නේය.
පළාත්
සභාවකට අදාල මන්ත්‍රීවරුන් ගණන තීරණය කිරීමේදී පළාතේ වර්ගප්‍රමාණය හා ජනගහනය යන
සාධක දෙක දෙකෙහිම අවධානය යොමු කළ යුතුය.
කලින්
විසුරුවනු ලැබුවහොත් මිස පළාත් සභාවක් වසර 05 ක කාලයක් බල පවත්වන්නේය. යම් පළාතක
ආණ්ඩුකාරවරයාට ඔහුගේ කර්ත්‍යවය ඉටු කිරීමේදී සහය වීමට හා උපදෙස් දීමට ප්‍රධාන
අමාත්‍යවරයා හා තවත් අමාත්‍යවරුන් සිවු දෙනෙක්ගෙන් අමාත්‍ය මණ්ඩලය සමන්විත වන්නේය.
පළාත්
සභා වලට සීමිත ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලයක් ද වේ. පළාත් සභා සිය ව්‍යවස්ථාදායක
බලතල උපයෝගී කරගෙන පළාත් සභා ප්‍රඥප්ති සකස්කර ගෙන ඇත. සංවෘත ලැයිස්තුව, සමගාමී
ලැයිස්තුව හා පළාත් සභා ලැයිස්තුව යන විෂය ක්ෂේත්‍රයන් 03ක් ඔස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
තුළින් බලතල වෙන් කර දී තිබුණ ද පළාත් සභා වලට සිය විෂය සීමා යටතේ පළාත් සභා
ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව යටතේ පමණක් බලතල හිමි වී තිබේ.
පළාත්
සභා ලැයිස්තුව තුළ සිය ප්‍රඥප්ති සෑදීමේ වැඩි බලතල මේ තුළින් ලැබේ. පළාත් සභා
ලැයිස්තු විෂය ක්ෂේත්‍රය පිළිබඳව තීරණ ගැනීමට පළාත් සභාවට බලතල හිමිවේ.
සමගාමි
ලැයිස්තුව තුළ පළාත් සභාවට හා මධ්‍යම ආණ්ඩුවට සමගාමීව ව්‍යවස්ථා සම්පාදනය කළ හැකි
ක්ෂේත්‍රයන් වේ. මධ්‍යම රජය විසින් මෙම ලැයිස්තුව යටතේ අදාල විෂයයන් පිළිබඳ නීති
සම්පාදනය කරන්නේ නම් පළාත් සභා විමසිය යුතු වන අතර පළාත් සභා මෙම ලැයිස්තුව යටතේ
අදාල විෂය ක්ෂේත්‍රයට ප්‍රඥප්ති සම්පාදනය කරනු ලබන්නේ නම් ඔවුන් පාර්ලිමේන්තුව
විමසිය යුතු වේ.
කෙසේ
වුවද පළාත් සභාවක් විසින් සකස් කරන ලද සෑම ප්‍රඥප්තියක්ම අනුමැතිය සඳහා
ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කළ යුතු බව 154(ඌ) වගන්තිය මඟින් පෙන්වා දී ඇත.
ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය විසින් පළාත් සභා මහ අධිකරණ හඳුන්වා දී තිබීම කැපීපෙනෙන ලක්ෂණයකි.
1.
ප්‍රාථමික අධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණ මඟින් දෙනු ලබන නඩු තීන්දු
සම්බන්ධ අභියාචනා බලය හා විමර්ශන බලය.
2.
පළාත තුළ නීති විරෝධීව පුද්ගලයන් රඳවා ගැනීම සම්බන්ධව ඉදිරිපත් කළ හැකි
හබයාස් කෝප්‍රස් රිට් ආඥා නිකුත් කිරීම හා පළාත තුල පළාත් සභා ලැයිස්තුවට අදාලව
ක්වෝවරෙන්ටො, සර්ට්යෝරාරි, තහනම්, මැන්ඩාමුස්, ප්‍රොසිවෙන්ටො ආදී රිට් ආඥා නිකුත්
කිරීමේ බලය ද පළාත් බද මහ අධිකරණවලට හිමි විය.
ඩිෂාන් ලියනගේ
No comments:
Post a Comment