දැනුම බෙදා ගනිමු
1
ගබඩා පොත්පත් හා නීතිරීති
ඉදිරිපත්
කිරීම - ප්‍රියකුමුදු ජයනාත්
දිනය
- 2017.08.03
ඉසුරු
කවය
ගබඩා
කාර්ය පටිපාටිය
v මු.රෙ. 750 – 775 දක්වා
v ද.ප.මු.රී. 455 -498 දක්වා
ගබඩාවක් යනු කුමක්ද?
නිමි භාණ්ඩ හෝ අමු ද්‍රව්‍ය පාවිච්චියට ගන්නා
තෙක් තැන්පත් කර තබන ස්ථානය ගබඩාව ලෙස සරලව හැඳින්විය හැකිය.
ගබඩා භාරකරු (455.2)
භාණ්ඩ භාර ගැනීම, භාරයේ තබා ගැනීම හා නිකුත්
කිරීමේ කාර්යයන් පවරනු ලැබ සිටින පුද්ගලයෙකු ගබඩා භාරකරු ලෙස හැඳින්වේ.
ගබඩා
භාරකරුගේ කාර්යයන්
1.
සැම විටම භාණ්ඩ ස්වකීය පෞද්ගලික භාරයේ තබා ගැනීම
සඳහා භාර ගැනීම, ඒවා භාරගත් බව දැන්වීම සහ ඒවා සඳහා වගකීම් දැරීම.
2.
භාණ්ඩ විධිමත් භාරයේ තබා ගැනීම, ඒවා මනා
තත්ත්වයෙන් පවත්වා ගැනීම, සහ ඕනෑම අවස්ථාවකදී ඒවා තිබෙන තැන් පහසුවෙන් සොයා ගෙන
හරි වැරදි බැලීමට හැකි වන පරිද්දෙන් ක්‍රමානුකූලව පෙළ ගස්වා තිබීම.
3.
නිසි බලය යටතේ බඩු නිකුත් කිරීම.
4.
අනුමත කෙරෙනු පටිපාටියක් අනුව බඩු ගැනීම.
5.
බඩු ලැබීම්, නිකුත් කිරීමේ ලියවිලිත් සමඟ වාර්තා
ලේඛන හා ගිණුම් තබා ගැනීම.
6.
අනන්‍යතාවය ඔප්පු කරන අයට පමණක් බඩු නිකුත්
කිරීම.
7.
ඕනෑම අවස්ථාවකදී සසඳා බැලීම පිණිස අතේ ඇති භෞතික
ශේෂයන් ඉදිරිපත් කිරීම.
ගබඩා නිලධාරී (455.3)
බලතල පවරනු ලැබීමෙන් පහත දැක්වෙන කාර්යයන්
කිසිවකින් එකක් හෝ වැඩි ගණනක් ඉටු කිරීමට බලය ඇති නිලධාරියෙකු ගබඩා නිලධාරීයා ලෙස
හැඳින්වේ.
v ගබඩා භාරකරුගේ කාර්යයන් අධීක්ෂණය කිරීම.
v ගබඩා භාරකරුගේ වාර්තාවල, රෙජිස්ටරවල සහ ගිණුම්වල
හරිවැරදි බැලීම හෝ ඔවුන් වෙත ඇති තොගවල හරි වැරදි බැලීම.
v ගබඩා භාරකරුවන් වෙත තිබෙන බඩු බාහිර ප්‍රමාණයන්
සෑහේදැයි ප්‍රමාණයන් කොට ලැබීම.
v දෙපාර්තමේන්තුවේ ගබඩා ගිණුම් පවත්වා ගැනීම.
v බඩු බාහිර භාර ගැනීම, අළුත්වැඩියාව, නිකුත් කිරීම
හෝ සුදුස්සක් කිරීම යන මේවා සඳහා ගබඩා භාරකරුවන්ට බලය දීම.
ගබඩා අංශයට අයත් ප්‍රධාන කාර්යයන්
v ගබඩාවට භාණ්ඩ භාර ගැනීම.
v භාණ්ඩ ගබඩා කිරීම.
v ගබඩාවෙන් භාණ්ඩ නිකුත් කිරීම.
v ලේඛනගත කිරීම.
v තොග වාර්තා පවත්වාගෙන යාම. (බින් කාඩ්, තොග ලෙජර්
වැනි)
v තොග අවශ්‍යතා දැනුම් දීම.
v ප්‍රශස්ථ තොග මට්ටම් පවත්වා ගැනීම.
ගබඩාවට භාණ්ඩ භාර ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු
v භාණ්ඩ ඇණවුම් සමඟ සැසඳේද යන්න.
v භාණ්ඩ සාම්පල් සමඟ සැසඳේද යන්න. (පිරිවිතර වලට
අනුකූලද යන්න)
v ඉන්වොයිසිය අනුව නිවැරදිද යන්න. (භාණ්ඩ ප්‍රමාණය
සහ වර්ගය)
v කල් ඉකුත්වීම්, යල් පැනීම් පිළිබඳව. (භාණ්ඩ
නිෂ්පාදිත දිනය)
v භාණ්ඩ කැඩී බිඳී පලුඳු වී තිබේද යන්න.
ගැණුම් ඇනවුම
ආර්ථික ඇනවුම් ප්‍රමාණය (EDQ) තීරණය කළ පසු ප්‍රසම්පාදන
අංශය විසින් තෝරා ගත් සැපයුම්කරුවෙකු වෙත භාණ්ඩ සැපයීම සඳහා ලබා දෙන ඇණවුම් මේ
නමින් හැඳින්වේ. මෙහි පිටපත් හතරකි.
Ø පළමු පිටපත -
සැපයුම්කරුට. (සැපයිය යුතු භාණ්ඩ හඳුනා ගැනීමට)
Ø දෙවන පිටපත - ගිණුම්
අංශයට. (ඒකකයට ගෙවිය යුතු මිල දැන ගැනීමට)
Ø තුන්වන පිටපත - ගබඩා
අංශයට. (ලැබෙන ද්‍රව්‍ය හඳුනා ගැනීමට)
Ø හතරවන පිටපත - කාර්යාල
පිටපත.
ගැනුම් ඇනවුම
සැපයුම්කරු: ඇනවුම් අංකය:
දිනය:
ඔබ විසින්
................ දින අංක ............ දරණ මිල කියුම මඟින් ලබා දුන් මිල ගණන් සමඟ
බැඳේ.
විස්තරය
|
ප්‍රමාණය
|
ඒකක මිල
|
වටිනාකම
|
වෙනත්
|
|
|
|
|
|
කොන්දේසි:
ණය කාල සීමාව:
භාණ්ඩ ලැබිය යුතු දිනය:
ගැනුම් කළමණාකරු:
භාණ්ඩ ගබඩා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
v හඳුනා ගැනීමේ පහසුව.
v නිකුත් කිරීමේ පහසුව.
v භාණ්ඩ වල ආරක්ෂාව.
v නෂ්‍ය වීම, වාෂ්ප වීම පිළිබඳව.
v කල් ඉකුත් වීම් පිළිබඳව. (කල් පැවැත්ම)
v ගබඩා ඉඩ කඩ පිළිබඳව.
v සෞඛ්‍යාරක්ෂිත බව.
v තොග ගණන් ගැනීමේ පහසුව.
v භාණ්ඩ වල වටිනාකම.
v ක්‍රමවත් බව.
භාණ්ඩ
නිකුත් කිරීමේදී සැලකිය යුතු කරුණු
v විධිමත් නිකුත් කිරීමේ අනුමැතිය පිළිබඳව.
v නිකුත් කරන භාණ්ඩ වර්ගය පිළිබඳව.
v නිකුත් කරන භාණ්ඩ ප්‍රමාණය පිළිබඳව.
v භාණ්ඩ නිකුත් කිරීමේ ක්‍රමය පිළිබඳව.
v භාණ්ඩ වල ආරක්ෂාව පිළිබඳව.
v භාණ්ඩ වල වටිනාකම පිළිබඳව.
v ලේඛණගත කිරීම පිළිබඳව.
ද්‍රව්‍ය ඉල්ලීම් පත්‍රය MRN
|
ද්‍රව්‍ය/භාණ්ඩ අවශ්‍ය අංශය විසින් පිළියෙල කර
ගබඩාව වෙත එවනු ලැබේ. මෙය පිටපත් 2කින් පිළියෙල කල යුතුය.
ද්‍රව්‍ය ඉල්ලීම් පත්‍රය
ද්‍රව්‍ය
අවශ්‍ය දිනය:
සංකේත අංකය
|
ද්‍රව්‍ය විස්තරය
|
ප්‍රමාණය
|
අනුමත ප්‍රමාණය
|
වෙනත්
|
|
|
|
|
|
පිළියෙල කිරීම:
පරීක්ෂා කිරීම :
අනුමැතිය:
ඉහත
සඳහන් ද්‍රව්‍ය නිවැරදිව භාර ගතිමි : .................................
ගබඩා පරිපාලනයේදී පවත්වාගෙන යා යුතු ලේඛණ
v බඩු වට්ටෝරු ලේඛණය - පොදු 44
v තොග පොත -
පොදු 198
v පොත් නාමාවලිය -
පොදු 44
v සවිකිරීම් ලේඛණය
v ලැබීම් නියෝග පොත - පොදු 219
v නිකුත් කිරීම් නියෝග පොත - පොදු 141
ප්‍රධාන ඉන්වෙන්ට්‍රි පොත
(ප්‍රධාන බඩු වට්ටෝරු පොත)
මෙහි
ඇතුළත් කෙරෙනුයේ චලනය වන (Movable) ස්ථාවර වත්කම් වේ. ස්ථාවර වත්කමක දැකිය හැකි ප්‍රධාන
ලක්ෂණයක් වන්නේ ද්වීතික වෙළඳපොළ වටිනාකම (Second Market Value) තිබීමයි.
උදා
- මේස, පුටු, පරිගණක, ඡායා පිටපත්, යතුරුලියන යන ආදිය
ඉන්වෙන්ට්‍රි
පොත්වල ඇතුලත් කෙරෙනුයේ චලනය වන ස්ථාවර වත්කම් වේ. ස්ථාවර වත්කමක දැකිය හැකි
ලක්ෂණය වන්නේ එක් වරක් පාරිභෝජනයෙන් කෙළවර නොවන සහ ද්වීතික වෙළඳපොළ වටිනාකමක්
තිබීමයි.
ඉන්වෙන්ට්‍රි
පොතේ ලැබීම් සහ නිකුත් කිරීම් වශයෙන් පැති දෙකක් ඇති අතර, ඉංග්‍රීසි හෝඩියේ
අකාරාදී පිළිවෙලට භාණ්ඩ පෙළ ගස්වා ගෙන භාණ්ඩ වල නම් ඇතුලත් කළ යුතුය.
බඩු වට්ටෝරු පොත
INVENTORY BOOK
පොදු 44
ලැබුනා දුන්නා
RECEIVED EXPENDED
දිනය
|
වවුචර් අංකය
|
දිනය
|
වවුචර් අංකය
|
දුන්නේ කාටද යන වග
|
ලැබුනේ කාගෙන්ද යන වග
|
පාරිභෝජන ද්‍රව්‍ය
ලේඛණයක සටහන් කිරීම
කාරණය:
Item:
|
පොදු 198
|
දිනය
|
ලැබුනේ නොහොත් නිකුත් කළේ
|
ලැබුනා
|
මාර්ග පත්‍රයේ නිකුත් කිරීමේ සටහනේ අංකය
|
නිකුත් කළා
|
ශේෂය
|
එකතුව
|
සවිකිරීමේ ලේඛණය
කිසියම් ගොඩනැගිල්ලක් තුල සවිකර ඇති උපකරණවල තොරතුරු
ඇතුලත් කරමින් පවත්වාගෙන යන ලේඛණයකි. සාමාන්‍යයෙන් මේ සඳහා බඩු වට්ටෝරු පොතෙහි ආකෘතියක්
තෝරාගනු ලැබේ.
ගොඩනැගිලි අනුව මෙම පොතෙහි ඉඩකඩ වෙන්කර ගත යුතුය.
උදා: ප්‍රධාන ගොඩනැගිල්ල, ගබඩාව, නිල නිවාස
v
විදුලි පංකා
v
වායුසමීකරණ
v
විදුලි ලාම්පු
v
තිර රෙදි
v
වෙනත් උපකරණ සවිකිරීම්
v
නාන කාමර උපකරණ
ග්‍රන්ථ ලේඛනයක ආකෘතිය
පරිග්‍රහණ අංකය
|
දිනය
|
වර්ග අංකය
|
කර්තෘ
|
ග්‍රන්ථ නාමය
|
ප්‍රකාශක
|
ප්‍රකාශිත ස්ථානය හා දිනය
|
පිටු සංඛ්‍යාව
|
සැපයුම් මාධ්‍යය (පොත ලැබුනේ කාගෙන්ද/කොහෙන්ද යන වග
|
වෙනත් කරුණු (ඉවත් කිරීම් හෝ නැතිවීම් ඇතුළත් කිරීම
සඳහා)
|
|
|
|
|
|
|
|
|
|
|
නිකුත් කිරීමේ ඇණවුම්
පොත
වෙනත් ශාඛාවකට හෝ පුද්ගලයෙකුට හෝ දෙපාර්තමේන්තුවකට භාණ්ඩ
නිකුත් කරන අවස්ථාවේදී නිකුත් කිරීමේ ඇණවුමක් පිළියෙල කල යුතුය. මුල් පිටපතක් සහ
අනු පිටපතක් සහිතව අංක දරන ලද මෙම ඇණවුම් පොදු 141 ආකෘතියේ ලියා මුල් පිටපත සමඟ
ලබන නිලධාරියා වෙත යවා දෙවන පිටපත ලබා ගත යුතුවේ. භාණ්ඩ නිකුත් කරන විට බඩු
වට්ටෝරු පොතේ නිකුත් කිරීම් පැත්තේ නිකුත් කිරීම් ඇණවුම් අංකය සටහන් කල යුතුය.
අදාල නිකුත් කිරීම වෙනුවෙන් ලැබෙන ලැබීම් ඇණවුමේ අනු අංකය නිකුත් කිරීමේ ඇනවුමේ 02
පිටපතේ සටහන් කරගත යුතුවේ.
ලැබීම් ඇණවුම් පොත
නිකුත් කරන ලද භාණ්ඩ
ලැබුණු නිලධාරියා විසින් 219 වැනි පොදු ආකෘති පත්‍රයේ ලැබීම් ඇණවුමක් පිළියෙල කල
යුතුය. මුල් පිටපතක් සහ අනු පිටපතක් සහිතව අංක දරණ ලද මෙම ඇණවුමේ මුල් පිටපත භාණ්ඩ
නිකුත් කල නිලධාරියාට යැවිය යුතුවේ. දෙවැනි පිටපත තබා ගත යුතුවේ. ලැබීම් ඇණවුම්
පිළියෙල කිරීමේදී නිකුත් කිරීමේ ඇණවුම් අංකය සඳහන් කල යුතු අතර එය බලයලත්
නිලධාරියෙකු අත්සන් කල යුතුය. එසේ අත්සන් කරන අවස්ථාවේ අදාල අංශයේ බඩු වට්ටෝරු
පොතකට එම භාණ්ඩය ඇතුලත් කර කෙටි අත්සන යෙදිය යුතුවේ.
ලැබීම් නියෝග පොත (පොදු
219)
-ලැබීම් නියෝගයක ආකෘතිය
-
නිකුත් කිරීමේ නියෝග පොත
(පොදු 141)
-නිකුත් කිරීමේ නියෝගයක
ආකෘතිය-
අබලි ද්‍රව්‍ය ලේඛණය
කඩා ඉවත් කරන ලද
ගොඩනැගිලි කොටස්, ඉවත් කරන ලද මෝටර් රථ අමතර කොටස් හා පරිගණක උපකරණ කොටස් සහ යම්
කිසි වත්කමක් අළුත්වැඩියා කිරීමේදී ඉවත් කරනු ලබන කොටස් මෙම අබලි ද්‍රව්‍ය ලේඛණයේ
ඇතුලත් කළ යුතුය.
මෙහි ඇතුලත් කරන දෑ
වාර්ෂිකව සිදුකරනු ලබන ගබඩා සමීක්ෂණයකින් හෝ විශේෂ භාණ්ඩ සමීක්ෂණයකින් ඉවත් කිරීමට
කටයුතු කළ යුතුය.
පවත්වා ගත යුතු ලිපි
ලේඛන
ගබඩා භාරකරු විසින් බඩු
ලේඛණ හා තොග පොත් පවත්වාගත යුතු වේ. මේවා වට්ටෝරු ලේඛන ලෙසද හැඳින්වේ. ගබඩා කරන
බඩු වර්ග හා ප්‍රමාණ අනුව පහසුවෙන් සොයා ගැනීමට හැකි අන්දමට, වර්ගීකරණය කර, බඩු
වර්ග අකාරාදී පිළිවෙලට මේවා පවත්වා ගැනීම වැදගත් වේ. ආයතනයේ නොයෙකුත් අංශ හෝ ශාඛා තිබේ
නම්, ඒ අනුව ඒ ඒ අංශයේ තබා ඇති බඩු සඳහා වෙනම බඩු ලේඛන පවත්වාගෙන, ආයතනයේ ප්‍රධාන
කාර්යාලයේ බඩු ගබඩා අංශයේ ඒවායේ පිටපත් තබා පාලනය කර ක්‍රියාත්මක කල යුතු වේ. ලී
බඩු උපකරණ හා සවිකිරීම, යන්ත්‍ර සූත්‍ර වැනි ප්‍රාග්ධන භාණ්ඩ මෙයට ඇතුලත් වන අතර
ලිපිද්‍රව්‍ය හා මුද්‍රිත ආකෘති ඇතුලත් නොවේ. පරිභෝජන ද්‍රව්‍ය හා මූලික ආකෘති වලට
වෙනම පරිභෝජන ලේඛන පවත්වාගත යුතුය.
තොග මට්ටම්
v
අවම තොග මට්ටම -
Minimum Stock Level
v
උපරිම තොග මට්ටම -
Maximum Stock Level
v
නැවත ඇණවුම් මට්ටම -
Re-order Level
(යළි ඇණවුම් මට්ටම/වාර්තා මට්ටම)
v
ප්‍රශස්ථ තොග මට්ටම -
Optimum Stock Level
තොග මට්ටම් ගණනය කිරීම
v යළි ඇණවුම් මට්ටම =
උපරිම භාවිතය * උපරිම පමා කාලය
Ø උපරිම පමා කාලය = ඇණවුම්
කාලය + භාරදීමේ කාලය + පරීක්ෂා කිරීමේ හා ගබඩා කිරීමේ කාලය
v
උපරිම තොග මට්ටම = යළි
ඇණවුම් මට්ටම - (අවම භාවිතය * අවම පමා කාලය) + යළි ඇණවුම් ප්‍රමාණය
v
අවම තොග මට්ටම = යළි
ඇණවුම් මට්ටම - (සාමාන්‍ය භාවිතය * සාමාන්‍ය පමා කාලය)
රාක්ක පත්
1
|
2
|
3
|
6
|
5
|
4
|
3
|
2
|
1
|
0
|
Category 1
|
Category 2
|
Category 3
|
Category 4
|
බඩු ලේඛණ පොත තුලනය
කිරීම
සෑම මුදල් වර්ෂයක් අවසානයේදීම බඩු ලේඛණ පොත පහත සඳහන්
ආකාරයට තුලනය කළ යුතුය. ඒ ඒ භාණ්ඩ වර්ග සම්බන්ධයෙන් වූ ලැබීම් සහ එකතු කිරීම් එකතු
කළ යුතුය. ඉන් පසු එම භාණ්ඩ වර්ග සම්බන්ධයෙන් “අතේ ඇති ශේෂය” එනම් ලැබීම් එකතුව සහ
නිකුත් කිරීම් එකතු අතර වෙනස නිකුත් කිරීම් එකතුව යටින් ලියා එයට එකතු කළ යුතුය.
එම අතැති ශේෂය ඊලඟ මුදල් වර්ෂයට ඉදිරියට ගෙන යා යුතුය.
බඩු වට්ටෝරු ලේඛණය
මු.රෙ. 454 (මු.රී. 471) අනුව සෑම දෙපාර්තමේන්තුවක්ම 44වැනි පොදු ආකෘතියෙහි
බඩු වට්ටෝරු පොතක් පවත්වා ගත යුතු වේ. රජයේ දේපළ සහ ගබඩා භාණ්ඩ සෑම දෙයක්ම භාර
ගැනීම හා නිකුත් කිරීම මෙම බඩු ලේඛණ පොතේ සටහන් කළ යුතුය. විශාල තොග පවතින ආයතන ඒ
ඒ භාණ්ඩ වර්ග වෙනුවෙන් වෙන වෙනම බඩු වට්ටෝරු පොත් පවත්වාගෙන යනු ලැබේ.
බඩු
වට්ටෝරු පොත පැති දෙකකින් යුක්ත වේ. එනම් ලැබීම් සහ නිකුත් කිරීම් ය. සඟල පිටු
සහිත මෙම ලේඛණයේ අකාරාදී පිළිවෙලට භාණ්ඩ සටහන් කරනු ලැබේ. මු.රෙ. 754 (මු.රී. 454)
පරිදි මෙම ලේඛණයේ වර්ෂයක් පාසා තුලනය කළ යුතු වේ. මීට අමතරව හදිසි සමීක්ෂණයක්
පැවැත්වීමට තිබේ නම් ඒ සඳහා ද තුලනය කළ යුතු වේ.
සෑම ලැබීමක්ම ලියවිල්ලකින් යොමුවිය යුතු අතර, ඒ සඳහා බඩු ලේඛණයේ පිටුවේ
අංකය සහ අනුක්‍රමික අංකය ලියවිල්ලේ යොදා දින හා අනුපිළිවෙලින් එය ගොනු කර තැබිය
යුතුය. සෑම නිකුත් කිරීමක් ද එපරිද්දෙනි. ලැබීම් නියෝගය (219 පොදු ආකෘතිය) සහ
නිකුත් කිරීම් නියෝගය (141 පොදු ආකෘතිය) මේ සඳහා වෙනත් ලියවිලිද භාවිතා කළ යුතුය.
මෙම ලියවිලි බඩු ලේඛණ පොත සම්බන්ධ වවුචර් ලෙස හැඳින්විය හැකිය. බඩු වට්ටෝරු පොතේ
ලැබීම් පැත්ත සම්බන්ධයෙන් අදාල වන ලියකියවිලි පහත දැක්වේ.
·
ප්‍රේෂණ පත්‍ර හා ඉන්වොයිස්.
·
ලැබීම් ඇණවුම් දෙවන
පිටපත.
·
දේශීය මිලට ගැනීම්
සම්බන්ධයෙන් ඉන්වොයිසිවල සහතික කරන ලද පිටපත්, මුදල් වවුචර යනාදිය.
·
ණයට දුන් බඩු ආපසු දුන්
විට ඊට අදාල සටහන් හා ලිපි ආදිය වේ.
නිකුත් කිරීම පැත්ත
සම්බන්ධයෙන් අදාල වන ලියවිලි
·
බඩු ලැබීම සම්බන්ධ
ඇණවුම්.
·
නිකුත් කිරීමේ ඇණවුමේ
දෙවැනි පිටපත.
·
සමීක්ෂණ මණ්ඩලයෙන් දුන්
ලියා අස් කිරීමේ බලය අඩංගු පිටපත.
·
විකිණීම් සම්බන්ධයෙන්
මුදල් ගෙවීමේ කුවිතාන්සි වල පිටපත්.
·
ණයට දෙන විට ඒ සඳහා බලය
දෙන ලිපි ආදිය වේ.
තොග සහතිකය
රාජ්‍ය අංශයෙන් හෝ
පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා හෝ වෙනත් ආකාරයකින් ආයතනය තුලට ලැබෙන වට්ටෝරු භාණ්ඩ
සහ පරිභෝජ්‍ය භාණ්ඩ යන සියල්ලම අදාල ලේඛණවල සටහන් කර ගෙවීම් වවුචරයේ තොග සහතිකය
තැබිය යුතු වේ. මෙවැනි තොග සහතිකයක් ඇතුලත් නොවන කිසිදු මිලදී ගැනීමක් සම්බන්ධ
වවුචරයක් ගෙවීම සහතික කරන ලද නිලධාරියා විසින් සහතික නොකල යුතුය.
ගබඩා ව්‍යවස්ථා (ගබඩා
රෙගුලාසි)
විශාල ප්‍රමාණයෙන් භාණ්ඩ තබාගන්නා දෙපාර්තමේන්තු විසින්
ද භාණ්ඩ නිෂ්පාදනයෙහි හෝ අළුත්වැඩියාවෙහි හෝ නියුක්තව ඇති දෙපාර්තමේන්තු විසින් ද
නිලධාරීන්ට මග පෙන්නුම් කිරීම පිණිස සකස් කරගනු ලබන කාර්ය පටිපාටිය ගබඩා ව්‍යවස්ථා
ලෙස හඳුන්වයි. මෙම ව්‍යවස්ථා ප්‍රධාන වශයෙන් විගණන නිලධාරීන්ගේත්, විගණන
දෙපාර්තමේන්තුවේත් උපදෙස් අනුව සකස් කළ යුතු වේ. භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගත
යුතුය. (මු.රෙ. 763) හා (පළාත් මු.රෙ. 483)
ගබඩා ව්‍යවස්ථා ඇතුලත් වන කරුණු
1.
ගබඩා ද්‍රව්‍ය භාරගැනීම,
භාරකත්වය සහ නිසි පරිදි අපහරණය කිරීම.
2.
භාණ්ඩ සතුටුදායක ලෙස
ගබඩා කිරීම.
3.
ගබඩා හරි වැරදි බැලීම
සඳහා ගණන් තැබීම් පිළිබඳ කාර්ය පටිපාටි පිළිබඳව.
4.
ගබඩාවල ආරක්ෂාව.
5.
තොග වාර්තාව සහ ගිණුම්
පරීක්ෂාව.
6.
ගබඩා පිළිබඳ භෞතික හරි
වැරදි බැලීම.
7.
තොග වාර්තා, ඉන්වෙන්ට්‍රි,
ලේඛන ආදිය පවත්වාගෙන යාම.
8.
ගබඩා ද්‍රව්‍ය ලැබීම්,
අපහරණය පිළිබඳව ගිණුම් තැබීම.
9.
සොරකම් හා වංචා
වැලැක්වීමට ආරක්ෂක පියවර ගැනීම.
10. තොග පමණට වැඩියෙන් රැස්
කිරීම හා තොග විනාශ වීමෙන් වැලැක්වීම.
වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය
එක් එක් ආයතනවල බඩු වට්ටෝරු පොත්වල පෙන්වනු ලබන තොග ශේෂයන්
භෞතික වශයෙන් සත්‍යාපනය කිරීමට සහ පාවිච්චියට ගත නොහැකි භාණ්ඩ හඳුනා ගැනීම අරමුණු
කොට ගෙන සිදුකරනු ලබන ක්‍රියාවලියකි.
භාණ්ඩ සමීක්ෂණ හා සම්බන්ධ චක්‍රලේඛ හා මු.රෙ. නියමයන්
v
රාජ්‍ය මුදල් චක්‍රලේඛ
අංක 422/02/2014
v
රාජ්‍ය ගිණුම් චක්‍රලේඛ
අංක 174
v
කළමනාකරණ විගණන චක්‍රලේඛ
අංක DMA/2009(2)
v
මු.රෙ. 128(1)
(ඉ)
v
මු.රෙ.
507(3)
v
මු.රෙ.
750 සිට 761 දක්වා (756
වැදගත්)
භාණ්ඩ සමීක්ෂණ කටයුතු
1.
භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල පත්
කිරීම.
2.
භෞතික භාණ්ඩ සමීක්ෂණය.
3.
භාණ්ඩ සමීක්ෂණ වාර්තා
ලබා දීම.
4.
ඌණතා හා අතිරික්ත ඇතුළු
දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ වාර්තාව අමාත්‍යාංශයට හා භාණ්ඩාගාරයට යැවීම.
5.
භාණ්ඩ අපහරණ කටයුතු.
6.
මු.රෙ. 722 ප්‍රකාරව
නොහොත් ඉවත් කිරීමේ නියෝග යැවීම.
7.
පොතින් ඉවත් කළ බව
ලිඛිතව දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත වාර්තා කිරීම.
8.
භාණ්ඩ සමීක්ෂණයට අදාල
සියළු කටයුතු අවසන් බව අමාත්‍යාංශයට දැනුම් දීම.
භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල පත්කිරීම
1. මුදල් වර්ෂයේ දෙසැම්බර්
31 දිනට පෙර දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් සමීක්ෂණ මණ්ඩල පත්කරයි.
2. බොහෝ විට තිදෙනෙකු
සමීක්ෂණ මණ්ඩලය සඳහා පත්කරයි.
v
සභාපති - මොහු ආයතනයේ
සෑම අංශයක් ගැනම දැනුමක් ඇති අයෙකු විය යුතුය.
v
පළමු සාමාජිකයා -
කාර්මික භාණ්ඩ පිළිබඳ දැනුමක් තිබෙන අයෙකි.
v
දෙවන සාමාජිකයා - ගිණුම්
විගණනය, තොග පාලනය ගැන දැනුමක් තිබෙන අයෙක් වීම.
භාණ්ඩ සමීක්ෂණයේදී
පරීක්ෂාවට ලක්කල යුතු පොත්පත්
1. ප්‍රධාන ඉන්වෙන්ට්‍රි
2. ශාඛා ඉන්වෙන්ට්‍රි
3. සවිකිරීම් ලේඛන
4. පොත්පත් නාමාවලිය
5. පාරිභෝගික ද්‍රව්‍ය
ලේඛනය
6. මිලදී ගැනීම් ලේඛනය
7. පරිත්‍යාග ලේඛනය
8. ස්ථාවර වත්කම් ලේඛනය
9. පරිගනක ලේඛනය
10. අබලි ද්‍රව්‍ය ලේඛනය
වැදගත් යමක්
ReplyDeleteගොඩක් වැදගත්
ReplyDeleteගොඩාක් වැදගත් උනා මට
ReplyDeleteBest...
ReplyDeleteස්තුතියි! වටිනවා.
ReplyDeleteස්තුතියි!ගොඩක් වටිනවා
ReplyDeleteඅනිවාර්යෙන්ම ගොඩක් වටිනවා කියලා හිතෙනවා
ReplyDeleteහොඳ වැඩක්!
ReplyDeleteහොද වැඩක්
ReplyDeleteහොදයි. අලුත් සටහන් නැද්ද?
ReplyDeleteගොඩක් වටිනවා.
ReplyDeleteබොහොම ස්තුතිය
ReplyDelete